ජනාධිපති මන්දිරයට ඉකුත් නම වෙනි දින අයුතු ලෙස ඇතුළු වී ජනාධිපති නිල ධජය ඇඳ ඇතිරිල්ලක ට භාවිතා කළ සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායක කළුතන්ත්රිගේ උදේනි ජයරත්න යන අය අද (29දා) අත්අඩංගුවට ගත් බව වෙල්ල විදිය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චි මහතා පැවසීය.
සැකකාර පුද්ගලයා නීතිඥවරයෙක් මාර්ගයෙන් පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු පනස් හතරක් වන ඔහු මාලඹේ පදිංචිකරුවෙකි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. වෙල්ල විදිය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චි මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ