ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය වන වෛද්‍ය සැපයුම් ලබාගැනීමට සහය වන ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යොමු කරන ලද ඉල්ලීමකට අනුව, ක්වාලාලම්පූර් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැලේසියාවේ රජයේ සහය පතා ඉල්ලීමක් යොමු කළේ ය. ඒ අනුව, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරමින් මැලේසියානු රජය සිය සුහදතාවය පළ කළේ ය.
ඇමරිකානු ඩොලර් 63,100 ක වටිනාකමින් යුත් මෙම වෛද්‍ය සැපයුම් පරිත්‍යාගය මැලේසියාවේ සෞඛ්‍ය අමාත්‍ය ඛයිරි ජමාලුද්දීන් මහතා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුමංගල ඩයස් මහතා වෙත ඊයේ (31දා) මැලේසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති උත්සවයක් අතරතුර, සංකේතාත්මකව භාර දුන්නේ ය.
