කොරියානු රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත්, නව රැකියා ලබාගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමටත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ රාත්රියේදී කොරියාව බලා පිටත්ව ගියේය.
මේ වන විට කොරියානු රැකියාවල නිරතව සිටින මෙරට ශ්‍රමිකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කොරියානු රජය සමග සාකච්ඡා කිරීමට නියමිත අතර නව රැකියා අවස්ථා ලබාගැනීමට අවශ්‍ය පියවරද ගැනීමට නියමිතය.