saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 5575 hours ago

LATEST

සුදර්ශනීත් ඉල්ලා අස්වෙයි

calendar_today 2022 අප්‍රේ 04 - 13:41 remove_red_eye - 487  

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එම රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර තිබේ.‍

සමගි ජනබලවේගයේ ආර්ථික කවුන්සිලය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ බව එම පක්ෂය නිවේදනය කරයි.

Read More

නව ඇමති මණ්ඩලය දෙස බලන විට අළුත් බාල්දියක් ගෙන සුපුරුදු නෑම පටන් ගෙන ඇති බව පෙනේ. අපට ඕනෑ සර්ව පාක්ෂික අන්තර්කාලින ආණ්ඩුවකි. එහි වගකීම අත්‍යාවශ්‍ය සේවා ලබා දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමයි. පාලකයින් කවුදැයි ජනතාව තීරණය කරාවි.

Read More

රටක් ලෙස මුහුණ දෙන ආර්ථික අභියෝගය ජයග්‍රහණය කරගැනීමට සහ රට ස්ථාවරව පවත්වාගෙන යාමට සමස්ත ජනතාවගේ සහාය ද ජනාධිපතිවරයා ඉල්ලා සිටින බව එම නිවේදනයේ දැක්වෙයි.

Read More

ඉන්ධන පිරවුම් හල් වල ඩීසල් නොමැති කම හේතුවෙන් ජා-ඇල නගරයේ කසල ඉවත් කිරීම ගැටළු සහගත තත්වයකට පත් තිබෙන බව නගර සභා සේවකයින් පවසයි. නගරයේ කසල ඉවත් කරන ටැක්ටර් ඇතුළු රථ වල ඩීසල් නොමැති වීම හේතුවෙන් එම රථ අද(04දා) වන විට ඩීසල් පෝලිම් වලට එක්ව තිබේ.

Read More

රජයට ඉවත් වන ලෙස බලරකමින් අද වරකාපොල බස් නැවතුම්පළ අසල සාමකාමී විරෝධතාවක් පැවැත්වීය. පසුව ඔවුන් පා ගමනින් වරරකාපොල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට නැවතී විරෝධතාවය දැක්වූහ.

Read More

මේ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදේශ අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාම පත්කර තිබේ. මහා මාර්ග අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍යවරයාම වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත්, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍යවරයාම වන දිනේෂ් ගුණවර්ධන මහතාත් පත්කර තිබේ.

Read More

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමගින් රට පුරා ජනතාව මහා මාර්ග අසළට පිවිස විරෝධතාවයේ නිරත වෙමින් සිටියි. එසේ විරෝධතා දක්වන පිරිස් වෙත සහාය පළකරමින් මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් තම වාහන වන නළා හඩවමින් සිටියි. මේ ඒ ආකාරයට නුවර පැවැති විරෝධතාවකි.

Read More

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සියලු අමාත්‍යවරුන් ඉල්ලා අස්වී ඇති අවස්ථාවක තමන්ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයා වෙත යෙමුකළ බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read More

උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කරයි.

Read More

රාජපක්ෂවරුන්ගේ මහ ගෙදරවන තංගල්ල කාල්ටන් නිවස අසළ ජනතාව විශාල පිරිසක් විරෝධය දක්වමින් සිටින බව වාර්තා වෙයි.

Read More

ඇඳිරි නීතිය ඉවත්කිරීමත් සමග රටපුරා ජනතාව මහා මාර්ගවලට පිවිස විරෝධතා පවත්මින් සිටින බව අප ප්‍රා දේශීය වාර්තාකරුවන් පවසයි.

Read More

’’අපට ඉල්ලා අස්වීම් අවශ්‍යයි, පසුව අපට අවශ්‍යයි වැඩ කරන දේශපාලන ආකෘතියක්. නව ශ්‍රී ලංකාවක් ආරම්භ වන්නේ නායකත්වයේ වෙනසක් පමණක් නොව ශක්තිමත් ආයතන සමඟිනි. අන්තර්වාර ආණ්ඩුවක් යනු අභ්‍යන්තර පක්ෂ දේශපාලනය මිස අන් කිසිවක් නොවේ.’’

Read More

ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් දුම්රිය රියදුරන්ට සේවා ස්ථාන වලට වාර්තා කිරීමට නොහැකි වීමෙන් දුම්රිය ධාවනයට බාධා මතුවී ඇති බවත් හෙට දිනය වන විට යථා තත්වයට පත්වනු ඇති බවත් සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනෙවිරත්න ප්‍රකාශ කරයි.

Read More

මිරිහාන පොලිස් වසමේ පරණ කොට්ටාව පාර පැඟිරිවත්ත මාර්ගය අසල කලහකාරි ලෙස හැසිරෙමින් පොදු දේපලවලට හානි සිදුකර ඒ අසල වූ බස් රථ සහ වෙනත් වාහන ගිනි තබා අනර්ථයක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය ඉල්ලා තිබේ.

Read More

මෙම ජර්මානු ජාතිකයා එන්නත් විදේශ ගමන් බලපත්‍ර විකිණීමෙන් ලාභ ලබා ඇති අතර, සමහර අවස්ථාවලදී දෛනිකව ඔහු එන්නත් මාත්‍රා 3ක් පමණ ලබාගෙන ඇති බව විශ්වාස කෙරේ.

Read More

බතික්, අත් යන්ත්‍ර රෙදී හා දේශීය ඇඟළුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

ස්ලෝවැකියාව රුසියානු ස්වාභාවික ගෑස් සඳහා රුබල් වලින් ගෙවන බව එරට ආර්ථික අමාත්‍ය රිචඩ් සුලික් පවසා තිබේ.

Read More

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාද වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්විමේ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී තිබේ.

Read More

තරුණ හා ක්‍රීඩා, සංවර්ධන අධීක්ෂණ, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යධුරවලීන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

Read More

ස්පාඤ්ඤ රජය පවසන්නෙ මෙසේ උද්ධමනය 9.8%කින් ඉහළ යෑම සඳහා යුක්රේනයේ ගැටුම්කාරී තත්ත්වය හේතුව බවයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය අතර විශේෂ සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වෙමිින් තිබෙන බව වාර්තා වෙයි.

Read More

වික්ටර් ඕර්බන් ඉරිදා සවස ඔහුගේ ජයග්‍රහණයට ප්‍රශංසා කර ඇත්තේ එය ’’දැවැන්ත ජයග්‍රහණයක්’’ බව පවසමිනි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වන බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය ප්‍රකාශක රෝහාන් වැලිවිට මහතා ප්‍රකාශ කරයි.

Read More

ප්‍රධාන රුසියානු සාකච්ඡාකරු ප්‍රකාශ කරන්නේ කියෙව් සමහර ප්‍රශ්න ’’වඩාත් යථාර්ථවාදීව’’ සැලකීමට පටන් ගෙන ඇති බවයි.

Read More

සතියක් ඇතුළත පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනය කිරීමට පියවර ගත යුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව උදාකර දීමට ඔහුගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. මේ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ජනපතිවරයා ලෙස කටයුතු කරන නව ආණ්ඩුවක් මේ යටතේ බිහිවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පත්කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කළ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය. පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම යෝජනාව සිදු කළේය.

Read More

තමන් අසමත්වෙලා කියන කාරණාව රජය පිළිගන්න ඕනා. මේ ප‍්‍රශ්නවලට පිළිතුරු හොයන්න පුඵවන්වෙන්නේ එතකොටයි. අපි මන්ත‍්‍රීවරු හැටියට රජය ගන්නා සෑම දේකටම අන්ධයින් ලෙස අත ඔසවන්න ලෑස්ති නැහැ. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ජනතාවගෙ පැත්තෙන් බලලා ක‍්‍රියාකරන්න ඕන.

Read More

සමාජ මාධ්‍ය තහනම පස්වරු 3.30ට අවසන් කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙසේ පස්වරු 3.30ට සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.