දැනට මසකට ආසන්න කාලයක් අධ්‍යයන කටයුතු නතර වී ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා එම පීඨයේ සියලු සිසුන් ප්‍රතිඥා ලිපියකට අත්සන් කළ යුතුව තිබෙන බවත් පීඨයේ සියලු සිසුන් එම ප්‍රතිඥා ලිපියට අත්සන් තැබීමෙන් පසු නැවත පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පැවසීය .
ශාස්ත්‍ර පීඨයේ අංශාධිපතිවරු සමග මෑතකදී පවත්වන ලද සාකච්චාවකදී ඒකමතිකව තීරණය කරන ලද්දේ පීඨයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට නම් රටේ නීතියට හා විශ්වවිද්‍යාලයේ විනය රීති වලට අනුව මින් ඉදිරියට වගකීම් සහගත ආචාරශීලීත්වයකින් යුතුව කටයුතු කරන බවට සියලු ශිෂ්‍යයන් සහතික විය යුතු බවත් සියලු සිසුන්ගේ ආරක්ෂාකාරී අධ්‍යන පරිසරයක් සැපයිය හැක්කේ එබදු සහතිකයකින් පමණක් බව ද පීඨාධිපතිවරයා පැවසීය .
මෙම ලිපිය හෙට (02දා) ට පෙර නියෝජ්‍ය ලේඛකාධිකාරී තුමිය , ශාස්ත්‍ර පීඨය , පේරාදෙණිය විශ්වවිද්‍යාලය . යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුව ඇත .
ෂේන් සෙනෙවිරත්න