පාර්ලිමේන්තුව තුළ බලය පෙන්වන පාර්ශ්වයකට බල හුවමාරුවක් කිරීමට තමන් සූදානම් බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් කල්භාරනොගත් කිසිදු තනතුරක් දැන් භාරගැනීමටද සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
Read Moreජන පීඩක ආණ්ඩුවට ගෙදර යන ලෙසට බල කරමින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදහසක් පමණ අද (4දා) බදුල්ලේදී උද්ගෝෂණය කළහ .
Read Moreවිදුලිය, ඉන්ධන, ගෑස් හා ආහාර අර්බුදය ඇතුළු ජනතාව මුහුණ පා සිටින වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය කිරීමට කෙටි කාලීන හා දිගු කාලීන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශේෂ්ඨාධිකරණය අද (04දා) අවසර දුන්නේය.
Read Moreදරාගත නොහැකි ජීවන වියදමට එරෙහිව සහ රජයට විරෝධය පළ කරමින් ගම්පහ නගරයේ සිට යක්කල මාර්ගය ඔස්සේ අද (4දා) සවස ගමන් ගත් විරෝධතාකරුවන් පිරිසක් බණ්ඩාරවත්තේ පිහිටි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ කාර්යාලය අසලදී උද්ඝෝෂණය කරමින් කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්ද එල්ල කළේය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කළ පරිදි සර්ව පාක්ෂික අන්තර්වාර රජයකට එක්නොවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
Read Moreවත්මන් පාලනයට එරෙහිව මහනුවර පැවැති විරෝධතාවට එක්වූ තරුණ පිරිස් එම විරෝධතා අවසන් වීමත් සමග මාර්ග පිරිසිදු කිරීමට කටයුතු කරන අයුරු දක්නට ලැබෙයි.
Read Moreඅනාරක්ෂිත ලෙස නිවසේ පෙට්‍රල් ගබඩා කිරීම හේතුවෙන් එයින් හට ගත් ගින්නකින් වයස අවුරුදු 9 කුඩා පිරිමි දරුවෙකු දැඩි ලෙස පිළිස්සි එහිම මිය ගොස් සිටි ශෝචනිය සිදු විමක් අද (04දා) හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය.
Read Moreශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂමට වාර්ෂිකව ගෙවිය යුතු නියාමන ගාස්තුව එළැඹෙන ජුලි 30ට පෙර ගෙවන ලෙස සඳහන් කරමින් එම කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට ලිපියක් යොමුකර තිබේ.
Read Moreයාපනය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන් හි අධ්‍යන කටයුතු අද (04දා) සිට නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවරගත් බව යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පවසයි.
Read Moreවත්මන් පාලනයට රැවටීමෙන් එයට සහාය දීම සම්බන්ධයෙන් තමන් රටේ සියලුම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා පවසයි.
Read Moreරට මුහුණ දී තිබෙන ආර්ථික අභියෝගවලට ශක්තිමත් ලෙස හදවතින්ම මුහුණ දීමට අවශ්‍ය දිරිගැන්වීමක් ලෙස විපක්ෂයේ සහ සාමාන්‍ය ජනතාවගේ උද්ඝොෂණ තමන් සලකන බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පසුගියදා (02දා) ප්‍රකාශ කරන ලදි.
Read Moreජනතාව විසින් බත්තරමුල්ලේ පවත්වන විරෝධතාව සඳහා සම්බන්ධවීමට ගිය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට විරෝධතාකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
Read Moreආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනවීමට තිරණය කර තිබේ. ඒ එම පක්ෂයේ මැති ඇමතිවරුන් අද පෙරවරුවේ රැස්වී කළ සාකච්ඡාවකින් අනතුරුවය.
Read Moreවත්මන් ආණ්ඩුවට එරෙහිව කුරුණෑගල ජනතාව කිසිඳු දේශපාල පක්ෂයක සහභාගීත්වයෙන් තොරව පවත්වන විරෝධතාව සඳහා විශාල පිරිසක් එක්ව සිටියි. මේ අතර විශාල පිරිසක් තරුණ්‍ය නියෝජනය කරයි.
Read Moreඅම්බලන්ගොඩ මාදම්පා අභය භුමියේ මීට ස්වල්ප වෙලාවකට පෙර ඇතිවූ හදිසි ගින්නකින් එම අභය භූමියට දැඩි අලාභානි සිදුව තිබේ.
Read Moreරාජපක්ෂවරුන්ගේ තිඹිරිගෙය වන තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
Read Moreඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පදිංචිව සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනේජ් රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටද විරෝධතා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 10 වීදියගොඩ ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට මෝටර් රථය හරස් කර රියදුරු එළියට ඇද පහර දී මෝටර් රථයෙන් පළා යමින් සිටි ව්‍යාපාරිකයකු ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගැලනිගම රථවාහන පොලිසිය සඳහන් කරයි.
Read Moreජනතා විරෝධය මේ වන විට දේශපාලකයන්ගේ ගෙවල් ඉදිරිපිටටද ගොස් තිබේ. රජයේ මැති ඇමතිවරන්ගේ නිවාස ඉදිරිපිටට ගොස් ජනතාව මේ වන විරෝධය දක්වමින් පවතී.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත ආණ්ඩුවට එරෙහිව රට පුරා පවතින විරෝධතා තීව්ර වී තිබේ. මේ අනුව දිවයිනේ සෑම නගරයකම පාහෝ විශාල ජනතා පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතා පැවැත්වෙමින් පවතී.
Read Moreකඩවත මහර 09 කණුව ආසන්නයේදි ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සම්බන්ධව පැලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනිමේ නියෝග මත රඳවා සිටින සැකකරුවෙකු වන සිංහ ආරච්චිගේ සහන් නවෝද්‍ය නොහොත් පැන්ඩා නමැත්තාට අයත් ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ දී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
Read Moreමේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් පවතින තත්ත්වය විසඳා ගැනීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලා සිටියි.
Read Moreඩීසල් , ගැස් , විදුලිය සහ ජිවන බර ඉහල යාමට විරෝධය පාමින් වතු කම්කරුවන් සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එකතු වු වතුකරයේ තරුණ තරුණියන් අද (04දා) වතුකරය පුරා රජයට එරෙහිව උද්ඝෝෂණ සිදු කිරිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය.
Read Moreආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අද (04දා) පස්වරු 3.30ට ජනපති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreපාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට ඇති සරළ බහුතරය පවා අහිමිවීමේ වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි. ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 50කට ආසන්න සංඛ්‍යාවක් හෙට දිනයේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීර්ණය කිරීමත් සමගිනි.
Read Moreරත්නපුර ඇන්දාන මඩලගම ප්‍රදේශයේ බලපත්‍රයක් නොමැතිව විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් නීති විරෝධි ලෙස ලඟ තබා ගනිමින් සතුන් දඩයම් කල පුද්ගලයෙකු ඊයේ (03දා) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව ඇන්දාන පොලිසිය පවසයි.
Read Moreතත්ත්පර කිහිපයක් පුරා දිවෙන මෙම වීඩියෝවේදී අදාළ පොලිස් නිලධාරියා පවසන්නේ ’නිල ඇඳුම් ඇඳන් හිටියත් අපිත් ඔයගොල්ලෝ එක්කයි’ යනුවෙනි.
Read Moreජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලම එළවා දමන තුරු මෙය නොනවතින අරගලයක් විය යුතුයි. මෙය පක්ෂයක සංවිධානයක අරගලයක් නොවේ යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreනොරොච්චොල ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු ගෙනා නැවකට අදාළ ගෙවීම් කිරීමට ඩොලර් නොමැතිවීම හේතුවෙන් එම ගල් අඟුරු තොගය ගොඩ බෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වෙයි.
Read More