රජයේ නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන සියලු මහජන පැමිණිලි 1905 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකි බව ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අද (04දා) නිවේදනයක් මගින් සඳහන් කළේය.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල සේවයේ නියුතු පුදගලයන් සිදු කරනු ලබන අල්ලස් ගැනීමක් හෝ වෙනත් අක්‍රමිකතාවයක් සම්බන්ධව 1905 කෙටි දුරකතන අංකය ඇමතීමෙන් පැමිණිලි ඉදිරිපත් කල හැක.
මෙම පැමිණිලි සේවාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ස්වදේශ කටයුතු අංශයේ විමර්ශන අංශය වෙත සෘජුව යොමු කිරීමට හැකියාව තිබේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පවතින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව යන ආයතන වල සිදුවන අල්ලස් හා දූෂණ අක්රමිකතාවයන් පිළිබඳව ද 1905 අංකය ඇමතීමෙන් ලබා දිය හැකිය.
රාජ්‍ය ආයතන, පළාත් සභා ආයතන හා පළාත් පාලන ආයතනයන්ගේ මහජන නියෝජිතයන් හෝ රාජ්‍ය නිලධාරීන් අල්ලස් ඉල්ලීමක් සිදු කරන්නේ නම් 1954 කෙටි දුරකතන අංකය සෘජුව ඇමතීමෙන් අල්ලස් කොමිසම වෙතට දැනුම් දීමට පුළුවන.