saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 5570 hours ago

LATEST

ඩග්ලස් දේවානන්දගේ යාපනය කාර්යාලය වටලයි

calendar_today 2022 අප්‍රේ 05 - 15:52 remove_red_eye - 684  

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ යාපනය පලාලි මාර්ගයේ පිහිටි ඊ.පී.ඩී.පී. ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.

රටේ පවතින ජිවන වියදම ඉහල යාම , ඩිසල් , ගැස් , විදුලි කප්පාදුව , සෞඛ්‍ය සේවයට අවශ්‍ය ඖෂධ ඇතුළු පහසුකම් ගණනාවක් නැතිවිම යන කරුණු ගණනාවක් මුල් කර ගනිමින් නුවරඑලිය මහ රෝහලේ හෙදියන් ,කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් අද (05දා) දින උද්ඝෝෂණයක නිරත විය.

Read More

මහ පොළවේ මතය පාර්ලිමේන්තුව තුල ක්‍රියාත්මක විය යුතු බවත්, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ සමස්ථ ආණ්ඩුව ඉල්ලා අස්වීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී අද (05දා) අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

සුපිරි ඩීසල් නොමැතිවීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් ගණනාවක ගිලන්රථ ගරාජයන් තුල ගාල් කර තැබීමට සිදුවී ඇති බව එම රෝහල් බලධාරීන් පවසයි.

Read More

පාර්ලිමේන්තුව හෙට පෙ.ව. 10.00තෙක් කල් තැබීමට තීීරණය කෙරිණි. අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්ත්වයෙන් පසුව කැඳවූ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගැණින.

Read More

පාර්ලිමේන්තු සැසිය පැවැත්වූ අද දිනයේ (05) පාර්ලිමේන්තුව අවට පැවති විරෝධතාවයත් සමග විරෝධතාකරුවන් විසින් මේ වනවිට පාර්ලිමේන්තුවේ පිවිසුම් මාර්ගයන් අවහිර කර තිබේ.

Read More

ගාමිණී ලොකුගේ මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ (04දා) සවස රැස්වූ පිරිස රෑ බෝ වත්ම නිවස දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් කලහාකාරි ලෙස හැසිරෙන්නට වීමත් සමගම පොලිස් කැරලි මර්දන ඒකකය නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කැඳවීමට පියවර ගත්හ.

Read More

පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන ලෙස ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයට අභියෝගයක් කළේය. රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ හැකිනම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙසයි.

Read More

සියලු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශ විසින් ඒකාබද්ධ ආණ්ඩුව පන්නමු යන තේමාව යටතේ දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කල බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ සඳහන් කරයි.

Read More

නව මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (04දා) දිවුුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද දිනයේදී එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (05දා) පාර්ලිමේන්තුවට පැමිණීමේදී ඔහු පළදින සාටකය නොපැළද පැමිණ සිටියේය.

Read More

අද පැවැති පාර්ලිමේන්තු සැසියේදී ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනය කටයුතු කිරීමට ආණ්ඩු පක්ෂයේ ඇතැම් පක්ෂ මෙන්ම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුද තීරණය කර තිබුණි. ඒ අනුව පහත පරිදි එම පක්ෂ සහ මන්ත්‍රීවරුන් අද සිට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව කතානායකවරයාට දැන්වීය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් නොව ඔහුව බලයට ගෙන ආ සියලු දෙනා ගෙදර යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11ක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරු 40ක් මේ වන විට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 14ක්, ආණ්ඩුවේ හවුල් කාර පක්ෂ 10ක මන්ත්‍රීවරු16ක් හා ශ්‍රීී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 10ක් මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව දන්වා තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 10ක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

Read More

ආණ්ඩුවේ සිටි පක්ෂ 10 ක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (05දා) ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරන බව හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පොළොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ රාත්‍රියේ විරෝධතාකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් ගෘහ උපකරණවලට දැඩි හානි සිදුව තිබෙනවා.

Read More

යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රො කුලේබා සමග දුරකථන සංවාදයකදී චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී මේ බව ප්‍රකාශ කළේය.

Read More

ජනතා විරෝධතාව හා රට මුහුණ දී ඇති අර්බුද රාශියක් මත අද දිනයේදි පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම තීරණාත්මක සාධකයක් බවට පත්වතිබේ.

Read More

ලෝකයම වෙලාගෙන ඇති පරිසර දූෂණයට එරෙහිව සටන් කිරීමට වැඩි වශයෙන් කටයුතු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

විරෝධතාකරුවන් විසින් එකවරම ඥානක්කා නැමති කාන්තාවගේ නිවස පිහිටි ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදීමත් සමග ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයට යුද හමුදාව කැඳවීමට පියවර ගෙන තිබුණී.

Read More

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා දැන් ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාවේ 9.2%ක කොටස් ප්‍රමාණයක් හිමිකරගෙන සිටින බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

මන්ත්‍රීවරුන්ට එල්ල වී තිබෙන දැඩි විරෝධය හමුවෙන් ඔවුන්ගේ නිවාස වටකිරීමට ජනතාව කටයුතු කරමන් පවතී. මේ හේතුවෙන් මන්ත්‍රී නිවාස ආරක්ෂා කර ගැනීමට පොලීසිය දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටින බව වාර්තා වෙයි.

Read More

කැඩ්බරි ඝානාවේ කොකෝවා ගොවිපළවල් සඳහා වයස අවුරුදු 10ක් තරම් කුඩා දරුවන් යොදාගත් බවට චෝදනා කරයි.

Read More

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි පැවැසෙන බත්තරමුල්ලේ පිහිටි නිවසක් විරෝධතාකරුවන් පිරිසක් වට කර ඇති බව වාර්තා වෙයිි. 1000කට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් මේ සඳහා එක්වී තිබේ. කෙසේ වෙතත් එම නිවසට ආරක්ෂාව ලබාදීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක්ද කැඳවා ඇත.

Read More

යුක්රේන අර්බුදය සහ රුසියානු සම්බාධක එක්සත් ජනපදයේ ඉහළ යන උද්ධමනයට එකතු වී ඇති බව ජේ පී මෝගන් බැංකු ප්‍රධානියා පවසයි.

Read More

අන්තර් වශ්වවිද්‍යාල ප්‍රමුඛ සිිසු ජන ව්‍යාපාරය විසින් කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලිිය ගහ මන්දිරය වටලා විරෝධතාවක නිරතවෙමන සිටිියි.

Read More

සහනාධාර මත කාබනික පොහොර ලබාදීමේ වැඩපිළිවෙළට අමතරව ඉදිරියේදී ගොවීන්ට රසායනික පොහොර සඳහා යම් සහනාධාරයක් ගෙවීමටත් සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.