21 සම්මත කිරීම ගැන ඇමෙරිකාවේ ප්‍රසාදය
අභියෝග හමුවේ වුවද 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම පිළිබදව ප්‍රසාදය පළ කරන බවත් සංහිදියාව ගොඩ නැංවීම සදහා රජය විසින් උතුරු නැගෙනහිර සිදු කරනු ලබන කාර්ය භාරයන් විශිෂ්ට බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි.
එසේම නව දුෂණ විරෝධි පනතක් ගෙන ඒම සදහා ශ්‍රී ලංකා රජය තීරණය කිරීම අගය කරන බවද ඇය සඳහන් කළාය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී තානාපතිවරිය මේ බව සඳහන් කර තිබේ.
විවිධ ආකාරයේ අභියෝගයන් හමුවේ වුව ද ශ්‍රී ලංකාව තුළ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සදහා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම හා වර්තමානයට ගැළපෙන පරිදි නීතිපද්ධතිය යාවත් කාලීන කරමින් නව පනත් රාශියක් සම්මත කිරීම පිළිබදව ප්‍රසාදය පළ කරන බව ද තානාපතිනිය සදහන් කළාය.
විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ සිදු වන දුෂණ වැළැක්වීම සදහා නව දුෂණ විරෝධි පනතක් ගෙන ඒම හා ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන් වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ගයන් තානාපතිනියගේ ඇගයීමට ලක් විය.

popular news
-
Kumar Friday, 04 November 2022 01:21 AM
oya kiya nawa panathak thibenawanam suddaha sinhalen kiyawanam, Gamapaha dumriya poley kakussiyata oya tharam mudal waya karanney kohomada.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
