මෙවර අයවැයේ විශාල මුදලක් වෙන් කර තිබෙන්නෙ සමාජ ශුභසාධනයට බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එසේම බදු ආදායම් ඉලක්කයෙන් මේ වන විට සියයට 68ක් සම්පුර්ණ කර ඇති බවද ඔහු පැවැසිය.
සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට අද (03) එක්වෙමිනි.
“2022 වසරේ අපේ ඉලක්කය වුණේ රුපියල් බිලියන 915ක බදු ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා උපයා ගැනීම. සැප්තැම්බර් මාසෙ අවසන් වෙද්දි එම ඉල්ලකයෙන් 68.4%ක් හොයල ඉවරයි. මේ සියල්ල උපයා ගන්නෙ 8.2%ක ඍණ ආර්ථිකයක් රටේ පවතිද්දි” යැයි අමාත්‍යවරයා කියා සිටියේ ය.