ගෑස් පෝලිමක් තියා නැවත ගෑස් හිඟයක් ඇති නොවන බවත් 2024 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද දක්වා ගෑස් පිළිබඳව නැවත ගැටලුවක් ඇති නොවන බවත් ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
"ගෑස් පෝලිමක් තියා ආයේ ගෑස් හිඟයක් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නෑ කියලා විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම මිල අඩුවෙයි කියන බලාපොරොත්තුව අනුව ඇතැම් අපේ සමහර අලෙවි නියෝජිතයන් මැලිකමක් දක්වනවා මුලු ස්ටොක් එකම මිලදි ගන්න.
එහෙම ගැටලුවක් විනා අපි හිඟයකින් තොරව ගෑස් ගෙනියනවා. ඇතැම් වෙලාවට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එන්න තිබුණ නැවක් එන්න ප්‍රමද වෙනවා. සඳුදා හවස වෙනස් කොට අපේ අලෙවි නියෝජතයන් ළග ගෑස් සිලින්ඩර් පිරිලා තියේවි.
එන්න තිබුණ නැව ඉරිදා පාන්දර එනවා. ඉන් අනතුරුව තවත් ගෑස් නෞකා දෙකක් ඉරිදා හා සඳුදා දින දෙක තුළ පැමිණීමට නියමිතයි. නොවැම්බර් මාසයේ අපි මෙට්‍රික් ටොන් 28000ක් ඇණවුම් කර තිබෙනවා.
අපි ලබන වසරේ ජනවාරි මැද දක්වා ගෑස් ඇණවුම් කරලා ඉවරයි. එම ඇනවුම් තහවුරු කරලා තියෙන්නේ. 2024 වසරේ සිංහල අවුරුද්ද වෙනකම් ගෑස් හිඟයක් එන්නේ නෑ."