තමන්ව ඉවත් නොකළහොත් පකිස්ථානයට ප්‍රතිවිපාක අත්විඳිය හැකි බවට විදෙස් රාජ්‍යයක් තර්ජනය කරන බවට ඉම්රාන් ඛාන් ප්‍රකාශ කිරීමෙන් පසුව, අගමැති ඝාතන සැලැස්ම හෙළිදරව් වී ඇතැයි එරට තොරතුර අමාත්‍යවරයා කියයි.
යුක්රේනය විසින් එරට දේශසීමාවට නුදුරු රුසියානු තෙල් පර්යන්තයනට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරය අනාගත සාකච්ඡා සඳහා යහපත් නොවන බව මොස්කව් අවධාරණය කරයි.
Read Moreරටේ උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් විරෝධය පළකරමින් ගාල්ලේ නීතිඥවරු අද (01දා) දහවල් උද්ඝෝෂණයක නිරතවූහ.
Read Moreඑක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම සීතල යුද්ධයේ යල්පැන ගිය නිෂ්පාදනයක් බව බීජිං අවධාරණය කළේය.
Read Moreපාර්ලිමේන්තුවට බලය පවරා ජනාධිපතිවරයා වහාම තම මව් රටට යා යුතු බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. රට තුළ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.
Read Moreරුසියානු ජනාධිපතිවරයා පැවසුවේ ගෝලීය ආහාර අර්බුදයක් සමග අනිවාර්යයෙන්ම සංක්‍රමණ රැල්ලක් ඇති වන බවයි.
Read Moreදිනෙන් දින ඉහළ යන ජීවන වියදම ඉන්ධන සහ ගෑස් ගැටලුව හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කොට ඇති බව පවසමින් මොරටු මහනගරසභා පරිශ්‍රයේ සිට පවතින රජයට සහ නගරාධිපති ඇතුලු කණ්ඩායමට බැන වැදුන ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම අද(1දා) පැවති මොරටු මහ සභාව නීතියානුකුල නොවන බව පවසමින් නාගරික කොමසාරිස් වරයාට ලිපියක් භාර දෙනු ලැබීය.
Read Moreලන්ඩනය සහ වොෂිංටනය හොංකොංහි දේශපාලන නිදහස පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත්කිරීමත් සමග, හොංකොං එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය, අප්‍රේල් 08 සිකුරාදා පැවැත්වීමට අද (01දා) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය කෙරුණු බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreමිරිහාන පැඟිරිවත්ත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් ඊයේ (31) රාත්‍රියේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධියෙන් රුපියල් මිලියන 39ක පොදු දේපලවලට හානි සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Read Moreඊයේ (31) රාත්‍රියේ ඇතිවූ සිද්ධිය සහ පැනවූ ඇඳිරිනීතය හමුවේ නැවත ඇඳිරිනීතය පැනවීමේ කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Read Moreමඩ සෝදා ගත් කල රජ කමට සුදුසු ගොවියා මේ මොහොතේ හිඟනුන් බවට පත් කර තිබෙන බව පවසමින් සහ, ගොයම බාලවී අස්වැන්න අඩුවීම හේතුවෙන් ණය වලට මැදිවී සිටින තමන් ඇතුළු මහවිලච්චියේ ගොවි ජනතාවට සිංහල අවුරුද්දට පෙර වහා සහනයක් ලබා දෙන ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ගොවි සංවිධානයක සභාපතිවරයෙකු ඊයේ (31දා) විරෝධතාවයක නිරත විය.
Read Moreජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ සිදුක විරෝධතාව යම් යම් පක්ෂ ක්‍රියාකරුවන් විසින් සිදුකල දෙයක් බවත් ඔවුන් සීමාව ඉක්මවා යාමේදී ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත අවම බලය යොදමින් උද්ඝෝෂකයන් විසිරුවා හරින ලෙස උපදෙස් දුන් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.
Read Moreඩීසල් නොමැති වීම, ගෑස් මිල ඉහල දැමීම සහ අයිස් මිල ඉහල යෑම ඇතුළු ධීවරයින්ට බලපා ඇති ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ගාල්ලේ ධීවර ප්‍රජාව අද (01දා) දහවල් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය බස් නැවතුම්පල ඉදිරිපිටින් අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.
Read Moreතමා පදිංචි ඉඩම සහ නිවස උකස් කර ලබා ගත් ලක්ෂ 8 ක මුදලකින් නිධන් වස්තු තොගයක් මිලදී ගැනීමට ගිය යුද හමුදා සෙබළකුගේ එම මුදල් වංචා කර පලා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (31දා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.
Read Moreසිමින්ති කොට්ටයක මිල රුපියල් 500කින් මිල ඉහල දැමීමට තීරණය කර තිබේ
Read Moreනුවරඑලිය මහ නගර සභාව විසින් අද (01දා) සිට මේ මස (30දා) දින දක්වා පවත්වන වසන්ත උදානය නතර කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසින් පිරිසක් වසන්ත උදාන සමාරම්භ උත්සව භුමියට කඩා වදි.
Read Moreතම වාහන සදහා ඩීසල් ලබා දෙන ලෙස ඉල්ලමින් පිරිසක් අද (1දා) උදෑසන සිට පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයෙන් මාර්ගය සම්පුර්ණයෙන් වසා දමා ඇති බව මදුරන්කුලිය පොලිසිය පවසයි.
Read Moreමෙරටුව වඩු කාරිමිකයන් පිරිසක් විල්ලෝරාවත්ත දැව සංස්ථාව ආසන්නයේ සිට පාගමනින් විරෝධතාවයකින් මොරටුව මහනගර සභාව දෙසට පැමිණ ඇත.
Read Moreමෙරට පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජයට රටපුරා මතුව ඇති විරෝදය හමුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ඔහු දරමින් සිටින මුදල් ඇමතිධූරයෙන් ඉවත් කිරීමට බොහෝ පාර්ශවයන් රජයයට ඉල්ලීම් ලැබෙන බව වාර්තා වෙයි.
Read Moreනුවරඑළිය කාල්ටන් පෙරපාසලේ පැවැත්වීමට සැලසුම් කර ඇති අවුරුදු උත්සවය නැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.
Read MoreUPDATE නුගේගොඩ මිරිහාන ඇඹුල්දෙණියෙහි පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ ඊයේ රාත්‍රියේ පැවති විරෝධතාව අතරතුර බස් රථ සහ වාහන රැසකට ගිනි තැබූ බව කියන පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreමඩකලපුව එරාවුර් පොලිස් වසමේ අයියන්කේනි ප්‍රදේශයේ අපරාධ ක්‍රියාවන්වලට සම්බන්ධ සිව්දෙනෙකු අද (01දා) උදෑසන අත්අඩංගුවට ගත් බව මඩකලපුව දිස්ත්‍රික්ක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පි එස් බණ්ඩාර පැවසිය.
Read Moreරට තුළ භාණ්ඩ මිල ඉහළ යාම සහ උද්ධමනයට එරෙහිව රට පුරා විරෝධතා මතුව ඇති අතර, මෙහි කූඨප්‍රාප්තියක් ලෙස ජනපතිට එරෙහි විශ්වාසභංගය කරළියට පැමිණ ඇත.
Read Moreඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වූ දුම්රිය මැදිරි 120ක් ධාවනයට එක් කිරීමට නොහැකිව තිබියදී නැවතත් එම වර්ගයේම මැදිරි 40ක් මෙරට ගෙන්වා තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreපූටින්ව ඔහුගේ හමුදාව විසින්ම නොමග යවන බවට වූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ක්‍රෙම්ලීනය කියා සිටියේ රුසියාව ක්‍රියා කරන ආකාරය එක්සත් ජනපදයට නොතේරෙන බවයි.
Read Moreනිශ්චිත වැඩපිළිවෙළක් නෑනේ. ලබන සඳුදා වෙනවා කියනවා, සමහර ඇමතිවරු ඇවිත් කියනවා අවුරුදු වෙනකොට කරන්ට් එකත් නෑ කියලා. කරන්න බැරි නම් කියන්න. එහෙම නැතිනම් කරන විදිය කියන්න. බැරිනම් කරන්න බැරිවුන් පැත්තකට වෙලා කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න
Read Moreරුසියානු හමුදා යුක්රේන ආරක්ෂක කර්මාන්තය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ කර ඇති බව බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ උදේශකයෙකු වන ඇලෙක්සි ආර්ස්ටොවිච් පවසයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසට යන මාර්ගය හරස් කරමින් මේ මොහොත වන විට විරෝධතාවක් පැවතෙන බව වාර්තා වෙයි.
Read More’’අප්‍රේල් 1 සිට මිත්‍රශීලී නොවන රටවල් රුබල්වලින් නොගෙවන්නේ නම්, අපි මෙය ගෑස් කොන්ත්‍රාත්තුවේ පැහැර හැරීමක් ලෙස සලකනවා. එසේ වුවහොත් පවතින කොන්ත්‍රාත්තු අවලංගු වනු ඇති’’ ජනාධිප පූටින් පවසයි.
Read More