කෙසේ වෙතත් රුසියානු හමුදාව පවසා ඇත්තේ යුක්රේන හෙලිකොප්ටර් යානා දෙකක් මගින් සිවිල් මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreඅත්‍යාවශ්‍ය සේවා, විදේශීය තානාපති කාර්යාල නිලධාරීන්, විදෙස්ගතව හා විදේශයන්හි සිට ලංකාවට එන පුද්ගලයන්ට තම හැඳුනුම්පත් හා ගුවන් ගමන් ටිකට්පත් භාවිත කරමින් අදාළ ස්ථාන වෙත ගමන් කළ හැකි බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
Read Moreරුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා පවසන්නේ සීමාවන් ඉවත් නොකළහොත් නාසා සහ යුරෝපා සංගමය සමග සුපුරුදු සහයෝගීතාවන් අවසන් කරන බවයි.
Read Moreඇ. ඩො. මිලි. 500ක ඉන්දියානු මූල්‍ය සහයෝගයක් යටතේ ශ්‍රී ලංකාවට ළඟා වූ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් අද (02දා) ඉන්දීය මහ කොමසාරිස් විසින් බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාට භාර දෙන ලදී.
Read Moreඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩිසල් තොගයක් ලැබීමත් සමග දැනට සිදුකරන දීර්ඝ විදුලි කප්පාදුව හෙට දිනයේදි පැය1 විනාඩි 40 කට සීමා කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පවතින විදුලි කප්පාදුව හේතුවෙන් පාසල් සිසුන් මුහුණපාන ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින් අප්‍රේල් පාසල් නිවාඩුව කලින් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට දන්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreපොලීසිය දැක පළායාමට උත්සාහ කල අපරාධකරුවකු ගමන්ගත් යතුරු පැදියක් පෙරලියාමෙන් පසුව එහි තිබී ජීව අත් බෝම්බටක් ඊයේ (1)රාත්රියේදී බටපොල පොලීසිය මගින් සොයාගෙන තිබේ.
Read Moreඇඳිරි නීතිය ක්‍රියාත්මක වන හෙට දිනයේ දී පසුගිය දින කිහිපයට වඩා වැඩි කාලයක් විදුලිය ලැබෙන බව මහජන උපයෝගීතා කොමිසම නිකුත් කළ විදුලි සැපයුම් විසන්ධි කිරීමේ නිවේදනය අනුව පෙනී යයි.
Read Moreකොළඹ පැවති උද්ඝෝෂණයේදි උද්ඝෝෂණයට සහභාගි වු පිරිසට සහ මාධ්‍යවේදින්ට පහර දිම තරයේ හෙලා දකින බවත්, තමන් රජයට තවදුරටත් සහය දක්වනවාද නැද්ද යන්න පිලිබදව ඉදිරියේදි දැඩි තිරණයක් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසයි.
Read Moreලබන සඳුදා සිට අත්‍යාවශ්‍යම සිසුන් පමණක් පාසල්වලට කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ
Read Moreඋද්ඝෝෂණ මුවාවෙන් පොදු දේපලවලට හානි සිදු කරයි නම්, වෙළඳසැල් කඩනවා නම්, නිවාසවලට අලාභ හානි කරනවා නම්, ඔවුන්ට විරුද්ධව පොලීසිය දැඩි නිතිමය පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
Read Moreමිරිහානේ පැවැති විරෝධතාවයේදී කළහකාරී ලෙස හැසුරුණ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සැකකරුවන් 26ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
Read Moreඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවැරී ඇති බල තල අනුව අද (02දා) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 තෙක් ඇඳිරි නීතිය පනවන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කර තිබේ.
Read Moreඅනුරාධපුර දහයියාගමින් හා යාපනය හංදිය ප්‍රදේශවලින් මාර්ග අවහිර කරමින් ජනතාව මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබේ.
Read Moreකැන්ඩි ක්‍රීඩා සමාජය හා සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිත තරගය ප්‍රේක්ෂකයන්ට විවෘත නොකිරීමට තීරණය කර තිබේ.
Read Moreමෝදර පොලීසියේ යැයි කියමින් ගම්පොලදී අත්අඩංගුවට ගත් තිසර අනුරුද්ධ බණ්ඩාර නම් තරුණයා මෝදර පොලීසියේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.
Read Moreරට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.
Read Moreමුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් ලංකාවේ රැදී සිටියි. මුදල් අමාත්‍යවරයා ලංකාවෙන් පිටව ගොස් ඇති බවට සමාජය තුළ කථා බහක් නිර්මාණය වී තිබේ. මේ පිළිබඳව ’අද’ සිදුකළ විමසා බැලීමකදි වාර්තා වූයේ ඊයේ රාත්‍රියේ සිට ඔහු තවදුරටත් ලංකාවේ රැදී සිටින බවයි.
Read Moreවොෂින්ටන්, ඩීසී හි නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් 2013 වසරේදී මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට ඩොලර් 332,027 ක් මුදලක් (රුපියල් කෝටි 10ක් පමණ) වංචා කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක් වන ජාලිය වික්‍රමසූරිය වරද පිළිගෙන තිබේ.මේ පිළිබඳව පැවැත්වූ නඩු විභාගයකදී ඔහු මෙසේ වරද පිළිගෙන තිබේ.
Read Moreපළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිිබේ. තමා මැයි 01 දා සිට බලපැවැත්වෙන පරිදි සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.
Read Moreසිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ, දේශබන්දු ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අද (2) උදෑසන අභාවප්‍රාප්ත විය. 85 වැනි වියේ පසුවූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.
Read Moreසාමකාමීව විරෝධතා දැක්වීමට ශ්රීත ලාංකිකයන්ට අයිතියක් ඇති බව ශ්රීක ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය පවසයි. සිය ට්විටර් ගිනුමට ප්රිකාශයක් කරමින් ඇය පවසන්නේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ඉදිරි දිනවලදී ආර්ථික ස්ථාවරත්වය හා දුක් විදින අයට සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන අභියොගාත්මක කාලසීමාව පිළිබඳව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන රොෂාන් මහානාම හා සනත් ජයසූරිය සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළින් අදහස් දක්වා තිබේ.
Read Moreරට තුළ ක්‍රමයෙන් වර්ධනය වන නොසන්සුන්තාව හේතුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. පහතින් දැක්වෙන්නේ මේ හදසි අවස්ථා තත්ත්වයකදී කටයුතු කෙරෙන ආකාරය පිළිබඳව විග්රහයකි.
Read Moreමෙම නීතිඥයින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ගාස්තු අයකිරීමකින් තොරව වෙයි. එසේම පොලීසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිම වෙනුවෙන් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදී සැකකරුවන්ව අත්පොළසන් දී නීතිඥවරු විසින් පිළිගත් අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ සැකකරුවන් පිරිසක් අත්පොළසන් දී නීතිඥවරු විසින් පිළිගත් පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමග ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය හමුවේ ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධය ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි අවධානනයක් යොමුකර තිබේ. මෙම සිදුවීම් ජාත්‍යන්තරයේ ප්‍රධාන මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අතිරේක ලේකම්වරු හා සහකාර ලේකම්වරු 12ක් පත්කර තිබේ. මේ අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයෙක් මෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු දෙදෙනෙක්ද වෙයි.
Read More