ෆෝමියුලා හිටපු ප්‍රධානියා පූටින් වෙනුවෙන් අවි දරයි
හිටපු ප්‍රධාන විධායක බර්නි එක්ල්ස්ටෝන්, රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් වෙනුවෙන් "උණ්ඩයක් ගන්නා" බව එක්සත් රාජධානියේ රූපවාහිනියට පැවසීම සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම සමග ෆෝමියුලා වන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
2014 දී රුසියානු ෆෝමියුලා වන් ග්‍රොන් ෆ්‍රී කාලසටහනට හඳුන්වා දුන් දා සිට එක්ල්ස්ටෝන් හා පූටින් මිතුරෙකු ලෙස නිතර මාධ්‍යයේ කතාබහට ලක්විය.
බ්‍රිතාන්‍ය ජාතික මෙම ප්‍රකෝටිපතියා බ්‍රහස්පතින්දා උදෑසන වැඩසටහනක් වෙත පැවසුවේ තමා තවමත් රුසියානු නායකයාට ගරු කරන බවය. එමෙන්ම, වත්මන් ගැටුම නැවැත්වීමට යුක්රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි වැඩි යමක් නොකළ බවටද ඔහු චෝදනා කළේය.
"මම තවමත් ඔහු වෙනුවෙන් වෙඩි උණ්ඩයක් ගන්නවා" ඔහු තවමත් පුටින්ව මිතුරෙකු ලෙස දකින්නේ දැයි ඇසූ විට එක්ල්ස්ටෝන් පිළිතුරු දුන්නේය.
"මම කැමතියි එය රිදෙන්නේ නැත්නම්, නමුත් එය එසේ වුවහොත් මම තවමත් උණ්ඩයක් ගන්නවා, මන්ද ඔහු පළමු පන්තියේ පුද්ගලයෙක්. ඔහු කරන්නේ රුසියාව වෙනුවෙන් ඔහු කරන නිවැරදි දේ යැයි ඔහු විශ්වාස කළ දෙයයි. " හිටපු ෆෝමියාලු වන් ප්‍රධානියා කියා සිටියේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

