දුම්රිය සේවකයන් සේවය සඳහා වාර්තා කිරීමේ නොහැකියාව මත හා දුම්රිය ප්‍රමාද වීම් හා අවලංගු වීම් මේ වන විට සිදුවෙමින් පවතින බවත් මේ හේතු පදනම් කර ගනිමින් දුම්රිය භාවිතා කිරීමට පැමිණි ජනතාව අද (01දා) කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කලහාකාරී ලෙස හැසිරෙමින් සිටින බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
එමෙන්ම මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් කිසිවෙකු කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණිමටවත් කටයුතු කර නැත.
වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන විට දුම්රිය දෙපාර්තමේන්තුව අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් කිරීමට කටයුතු කිරීමත් , මේ වන විට රටේ පොදු ප්‍රවාහනයේ ප්‍රධාන පුරුක ලෙස සේවය කරන දුම්රිය දෙපාර්තමේන්තුව අත්‍යාවශ්‍ය සේවා ගණයට නම් නොකිරීම මත ඉන්දන ලබා ගැනීමේ දී දුම්රිය සේවකයන් හට ඉන්දන ලබා නොදීමට අදාල අංශයන් කටයුතු කර ඇත.
මේ තත්ත්වය තුල අඛණ්ඩව සේවා සැපයීම දුෂ්කර වී ඇති බැවින් දුම්රිය නියාමකවරුන් සේවා සඳහා නොපැමිණීම මත දුම්රිය අවලංගු වීම් හා ප්‍රමාද වීම් පාදක කර ගනිමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සේවයේ නියතු දුම්රිය ස්ථානාධිපතිවරුන් තාවකාලික එම ස්ථානයෙන් ඉවත් කිරීමට ස්ථානාධිපති සංගමය මේ වන විට කටයුතු කර ඇත.