සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200 ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු ගැටළු හේතුවෙන් කඩාවැටීමේ බරපතල අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.
මහා පරිමාණ ඇඟලුම් කම්හල් ඩොලර් ගෙවා සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල්වලින් ඩීසල් ලබා ගත්තද සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල්වලට සාමාන්‍ය ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමේදී බරපතල දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව තිබේ.
තවද ඇඟලුම් කම්හල්වල සේවකයන්ට තම වාහනවලින් පැමිණීමේ අවස්ථාව ඉන්ධන හිඟය නිසා බොහෝ දුරට අහිමිවීමෙන් ඇඟලුම් කම්හල්වල කාර්ය සාධනයට එය විශාල බලපෑමක් වී ඇතැයි එම කම්හල් හිමිකරුවෝ පවසති.
මහා පරිමාණ ඇඟළුම් කම්හල් සිය ඇඟලුම් නිෂ්පාදන ඇනවුම් වලින් යම් කොටසක් නිෂ්පාදනය සඳහා උපකොන්ත්‍රාත්කරුවන් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් වලට බාර දෙන හෙයින් එම ඇඟලුම් කම්හල් අකර්මණ්‍යවීම මහා පරිමාණ කර්මාන්තවලටද බලපෑමක් එල්ල වී තිබේ.