සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තම ගෙදර පාලනය කළ ආකාරයට රට පාලනය කළා නම් අද රට තිබෙන්නෙ මෙතන නොවන්නෙ යැයි ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (05) පොළොන්නරුවේදී පැවසිය.
හෙතෙම මේ බව පවසා සිටියේ ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය අද පොලොන්නරුව ගල්ලෑල්ලේ ජාතික ක්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්ය
"ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට මම කතාකරන්නේ ඉස්සරහ ඉන්න ඔබට ඔබේ අනාගතයට අපි දන්නව දැල් පන්දු ක්‍රීඩාවේ ලෝක ශූරීන් වන්න ඔබට හැකියාවක් තිබෙනවා.ඒ ලෝක ශූරීන් වෙන කණ්ඩායමේ ඔබ නියෝජනය කරයි කියන විශ්වාසය මට තිබෙනවා.
අධිෂ්ඨානයයි, කැපවීමයි, උත්සාහයයි, එකමුතු කමයි, විනයයි තියෙනවනම් එය ඉලක්කය කරා යන්න බොහොම පහසු වෙනවා.කවදා හෝ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් සමු ගන්න දවසට මට දෙන්න පුළුවන් වෙයි උදාහරණ සහිතව අධිෂ්ඨානය කැපවීම විනය ඉවසීම එකමුතු කම නැති නිසා අපි පරාද වෙච්ච තරගාවලි.
ඒ ඔක්කොම මම ක්‍රීඩාවේ නාමෙන් මාධ්‍ය ඉස්සරහ නිහඬව ඒවා දැන් නොකියා අධ්‍යනය කරමින් පවතිනවා. අපිට හොඳ ආදර්ශයක් ලබා දුන්න නෙට්බෝල් ක්‍රීඩාව. සිරිමාවෝ ඩයස් බණ්ඩාරනායක මැතිණිය ගෙදර පාලනය කරපු දේ තමයි රට පාලනය කරන්න ආදේශ කළේ. ඒ වැඩපිළිවෙළ හරියට ගියා නං අද අපි මෙතන නෙමෙයි ඒ නිසා ක්‍රීඩාවට ආදර්ශයක් දෙන ක්‍රීඩාව බවට මෙය පත් කරන්නැයි කියන ඉල්ලීම මම විශේෂයෙන්ම කරනවා."