විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගින් නඩත්තු කිරීම හා පිළිගැනිම, රැකවරණය, පෝෂණය කිරීම හා ප්‍රතිකාර කිරිම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක වැඩ, සේවා හෝ ශ්‍රමය යනාදිය අත්‍යාවශ්‍ය සේවා කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට ්නිවේදනයක් නිකුත් කර තිබේ.
අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව මෙම නියෝජය ජනපතිවරය විිසින් නිකුත් කර තිබේ.
මේ අනුව ඉහත කී සේවාවන් සැපයීමෙහි නිරත වන ඕනෑම රාජ්‍ය සංස්ථාවකිනන් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපාකාර සමතියකින් හෝ ඒවායෙනි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව හෝ එකී සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතයකින් සමූපාකාර සමිතියකින් හෝ ඒවායෙනි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර තිබේ.