අයවැය කාලයේදී තවත් ඇමතිකම්
අයවැය කාලසීමාව තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය 30 දක්වා වැඩි කළ හැකිය. ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා ඉතිරි අමාත්‍යවරුන් සංඛ්‍යාව දිවුරුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) මීට පෙර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි, සී.බී රත්නායක සහ එස්.එම්. චන්ද්‍රසේනට ඇමතිකම් ලැබෙන බවට ඉඟි පළවේ.
ඊට අමතරව ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වනු ඇති.
සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් එක් අයෙකු හෝ දෙදෙනෙකු කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
කැලුම් බණ්ඩාර
popular news
-
Demuni Uduwara Saturday, 05 November 2022 11:47 PM
President has no sense but greed !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

