saravita-anim2

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5383 hours ago

LATEST

ගංවතුර අවදානම් ප්‍රදේශ වෙත නාවික හමුදා සහන කණ්ඩායම්

calendar_today 2022 ජුනි 01 - 10:31 remove_red_eye - 311  

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවදානම සහිත ප්‍රදේශ වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථානගත කිරීමට අද (01දා) උදෑසන වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

අම්බලන්ගොඩ බටපොළ මාර්ගයේ පොල්වත්ත පදේශයේදී ඊයේ(31දා) ලොරි රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී යතුරු පැදියෙන් ගමන් ගත් පියා හා පුතුගෙන් පියා මරුමුවට පත්වි පුතා බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

Read More

ජනප්‍රිය බොලිවුඩ් ගායක ක්‍රිෂ්ණකුමාර් කුන්නත් හෙවත් KK අඟහරුවාදා කොල්කටා හි පැවති ප්‍රසංගයකින් පැය කිහිපයකට පසු අභාවප්‍රාප්ත විය.

Read More

2019දී හඳුන්වා දුන් දුම්වැටි සඳහා බදු අයකිරීමේ සූත්‍රය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 85ක් පමණ වන බව Public Finance LK පවසයි. මේ අනුව 2020 වසරේදී රුපියල් මිලියන 20000 , 2021 වසරේදී රුපියල් මිලියන 28 768 , 2022 වසරේදී රුපියල් මිලියන 35 527ක ආදායමක් මෙසේ රජයට අහිමි වී ඇතැයි එම ආයතතනය පවසයි.

Read More

එඩ් හියුසික් සහ ඈන් අලි ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් ජාතික අමාත්‍යවරුන් බවට පත්ව සිටින්නේ, පිළිවෙලින් කර්මාන්තය සහ විද්‍යාව සහ මුල් ළමාවිය අධ්‍යාපනය සහ තරුණ අමාත්‍යාංශ භාර ගනිමිනි.

Read More

ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා 2022 මැයි 26 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙකු ලෙස යළි පත්කර තිබේ. මීට පෙර, ඔහු 2016 ජූලි මාසයේ සිට 2020 මැයි මාසය දක්වා මුදල් මණ්ඩලයෙහි සේවය කළේය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, සාර්ථක එන්නත් කිරීමේ ව්‍යාපාරය සහ විචක්ෂණශීලී සාර්ව ආර්ථික කළමනාකරණය සමග එරට මූල්‍ය හා ජංගම ගිණුමේ හිඟය තියුණු ලෙස අඩුවී ඇති අතර, විදේශ සංචිත ස්ථාවර වී ඇති බවයි.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති 29.8% සිට 2022 මැයි මාසයේදී 39.1%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය සහ රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් ඇති වූ ඉහළ අවදානමක් මධ්‍යයේ ආර්ථිකය ස්ථාවර කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති පැකේජයක් විස්තර කරමින් චීනයේ රාජ්‍ය කවුන්සිලය චක්‍රලේඛයක් නිකුත් කළේය.

Read More

පසුගිය මැයි 09දා ගෝල්ෆේස් අරගලය භූමියේදී එහි අරගලකරුවන්ට පහරදිමේ සිදුවිම සම්බන්ධයෙන් අද දිනයේදී සැකකරුවන් 06ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

රෝගියා 38 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මෑතකදී විදේශගත වූයේ දැයි සෞඛ්‍ය බලධාරීන් තවමත් විමර්ශනය කරමින් සිටින බව ඇය පැවසුවාය.

Read More

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 9යේ කණ්ඩායමේ නායකත්වයට විමල් වීරවංශ මන්ත්‍රීවරයා පත්කර තිබේ.

Read More

අවම වශයෙන් පුද්ගලයින් 14දෙනෙකු අතුරුදන්ව සිටින බව පර්නාම්බුකෝ ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

බණ්ඩාරගම අටුලුගම ෆාතිමා අයීෂා නමැති 9 හැවිරිදි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුව ජුනි 01 වනදා දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යාන වල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට අවශ්‍ය මුදල් නැතැයි සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පවසා තිබේ.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විවෘතවිශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ පළමු වසර අවසාන පරික්ෂණයට ලබන ජුනි මස 4 වැනිදා පෙනීසිටින බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

Read More

ගෑස් සිලින්ඩර 50,000ක් හෙට (1දා) බෙදාහරින බව ලිට්‍රෝ සමාගම පවසයි. ගෑස් බෙදාහැරීම සඳහා ජනතාවගේ සහයෝගය මේ අවස්ථාවේදී ඉතාම වැදගත් බවත් ගෑස් බෙදාහරින ලොර් රථවල රියදුරන්ට සහ සහයකයින්ට බාධා නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

Read More

බංග්ලාදේශ රජය මගින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇමරිකානු ඩොලර් මිලියන 2.2 ක ඖෂධ තොගයක් මෙරටට පරිත්‍යාග කිරීම අද (31දා) සෞඛ්‍ය අමාත්‍යංශයේදී බංග්ලාදේශ මහකොමසාරිස් තරීක් එම්.ඩී.අරිෆුල් ස්ලාම් මහතා අතින් සිදු කෙරිණි.

Read More

එකතු කළ අගය මත බද්ද (වැට්) 8% සිට 12% දක්වාත්, විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වාත් වැඩි කිරීමට මෙසේ යෝජනා කර ඇත.

Read More

අමාත්‍ය මණ්ඩලයේ විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන ඇතුළත් ගැසට් පත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද(31දා) නිකුත් කරනු ලැබීය.

Read More

රටතුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ උතුරේ දුපත් ආශ්‍රිත ජීවත්වන ජනතාවට අවශ්‍ය භූමිතෙල් ලබාදීමට ඉන්දීයාව පියවරගෙන ඇත.ඒ අනුව ඉන්දීය රජයෙන් ලබාදෙන ලද භූමිතෙල් ඉන්ධන තොගයක් උතුරේ දුපත් ආශ්‍රීත ජනතාවට බෙදා දීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ හා ඉන්දීය නියෝජ්‍ය තානාපති රාකේෂ් නඩරාජ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31දා) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

මෙරට පවතින ආහාර හිඟය නිසා දරුවන්ගේ මන්දපෝෂණය සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.

Read More

රාජ්‍ය තාන්ත්‍රික ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මිය රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (31දා) නියෝග කළේය.

Read More

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට(01දා) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත් කෙරේ.

Read More

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ශ්‍රී ලංකාවේ 24වන යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කෙරිණි.

Read More

ඉන්දීය ණය සහන යටතේ තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක් රැගත් නෞකාවක් කොළඹට ළගා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි

Read More

පියෙකු සහ දියණියක් දකුණු කළුතර පලාතොට ප්‍රදේශයේ නිවසක් තුළ හිටිහැටියේ මිය ගොස් ඇතැයි දකුණු කළුතර පොලීසිය පවසයි.

Read More

පවතින භූමි තෙල් හිගය හේතුවෙන් මෙරට උළු කර්මාන්තය කඩා වැටී ඇති බවත් මේ වන විට රටෙහි පවතින උළු කර්මාන්තශාලා 225 ක් අතුරින් කම්හල් 200 ක් පමණ වැසී යන තත්ත්වයට පත්ව ඇති බවත් සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

Read More

ඉන්දියාවේ තමිල්නාඩුවෙන් එවන ලද ආධාර රැගත් විශේෂ භාණ්ඩ දුම්රියක් අද (31දා) උදෑසන යාපනය දුම්රිය ස්ථානයට ලඟා වූ බවට යාපනය දිසාපති කේ. මහේෂණ් මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.