saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 5284 hours ago

LATEST

රාජ්‍ය සේවය පූර්ණ ප්‍රතිසංස්කරණය කළ යුතුයි

calendar_today 2022 ජුනි 07 - 11:55 remove_red_eye - 1240  

රාජ්‍ය සේවය පිළිබඳවත් අපිට වෙනස් ඇසකින් බලන්න සිදුවෙනවා. සීමාවක් නොමැතිව රැකියා ලබාදීම නිසා කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ඉතාම පහළ තලයකට වැටිලා. සමහර රාජ්‍ය සේවකයන්ට කරන්න කිසිම රාජකාරියක් නෑ. මේ නිසා රාජ්‍ය සේවය පූර්ණ ප්‍රතිසංස්කරණයකට හා ප්‍රතිසංවිධානයකට භාජනය කළ යුතුයි. පුරවැසියෙකුට සිය ජීවිත කාලය

සහල් මෝල්වලින් අවශ්‍ය පරිදි සහල් වෙළෙඳ පොළට නිකුත් නොකිරීම හේතුවෙන් රට පුරා දේශීය සහල් හිගයක් පවතින බවත් විදේශීය සහල් ද ඉතා සීමිත ප්‍රමාණයක් පවතින බව සහල් වෙළෙන්දෝ පවසති.

Read More

දැන් අපේ රට හරියට ක්‍රියා විරහිත කොම්පියුටරයක් වගෙයි. වැඩ කරන්නේ නෑ. අපි මුලින්ම කරන්න ඕන මේ කොමිපියුටයර යළි සකසා ගැනීමයි. දැන් අපි කරන්නේ අන්න ඒ වැඩේ. අතුරු අය වැය මගින් අපි කරන්නේ කොම්පියුරටය රීසෙට් කිරීමයි. ඊට පස්සේ අ පිට පුළුවන් නවීන මෙහෙයුම් පද්ධතියක් දා ගන්න. කිසිම වෛරසයක් එන්නේ නැති වෛරස් ගාඩ් දා ගන්න. ඒ ඔක්කොම කරන්න කොම්පියුරටය නැවත පණ ගැන්විය යුතුයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි යන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (07දා) නියෝග කළේය.

Read More

ඉදිරියේ දි ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසදුමක් ලෙස බස්නාහිර පළාතේ මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් වගා කිරිමට යයි. ඒ සදහා මාස තුනක ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කෙරේ.

Read More

ඉදිරි මාස හය සඳහා ඉන්ධන වෙනුවෙන් ඩොලර් මිලියන 3300ක් සොයාගත යුතුයි. ගෑස් ගෙන්වීමට මසකට ඩොලර් මිලියන 40ක මුදලක් අවශ්‍ය වෙනවා. ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන් ඉතිරි සති තුන ඉතාම දුෂ්කර කාලසීමක් වෙනවා. අපි සියලු දෙනාම හැකිතාක් අරපරිස්සමෙන් භාවිත කළ යුතු කාලයක්. ගමන් බිමන් හැකි තරම් සීමා කළ යුතු කාලයක්. ඒක නිසා මේ කාලයේදී තමන් ගැන පමණක් සිතා තමන් ගැන සිතා ඉන්ධන හා ගෑස් රැස්කර තබා ගන්න එපා.

Read More

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සියලු දෙනාගේම සහයෝගය ලබාගැනීම අපහසු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

කොළඹ වරාය නගරයේ ආයොජනය කරන ආයෝජකයන් වෙනුවෙන් වසර 40ක් දක්වා බදු සහන ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Read More

අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි නඩුවවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඩුවම් නියම කර තිබේ. එම දඩුවම වසර 5කට අත්හිටුවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

Read More

දේශීය හා විදේශීය නිශ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවෙකු පුත්තලම කුඩා කිවුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පුත්තලමකොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය කාර්යාශය පවසයි.

Read More

2022/2023 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ අනුව යූරියා මෙට්‍රික් ටොන් 150000ක්, එම්.ඕ.පී. මෙට්‍රික් ටොන් 45000ක් හා ටී.එස්.පී. මෙට්‍රික් ටොන් 30000ක් රජයේ පොහොර සමාගම් දෙක හරහා ගෙන්වීමට නියමිතය.

Read More

මුලතිව්හි ඓතිහාසික වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික මංගල්ලයේ විශේෂ දේව මෙහෙයක් වූ මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ දේව පූජාව ඊයේ (06දා) සවස සිට අද (07දා) අලුයම දක්වා පැවත්වුණි.

Read More

සහල් තොග ලබන සැප්තැම්බර් මස දක්වා රට තුළ තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ඊයේ(06දා) ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පැවසීය.

Read More

රට මුහුණ දී ඇති බරපතල ආර්ථික අර්බුදය අනුව කැබිනට් අමාත්‍යවරු වසරක කාලයකට වැටුප් නොමැතිව වැඩ කිරීමට තීරණය කර තිබේ. ඊයේ (06දා) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

Read More

බස්නාහිර පළාත තුළ අද දිනයේදී විශේෂ ගෑස් බෙදාහැරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ලිටෝ සමාගම පවසයි. කොළඹ. කලුතර, ගම්පහ යන දිස්ත්‍රික්කවල මෙම ගැස් බෙදා හැරීමේ සැලැස්ම ක්‍රියාත්මක වෙයි.

Read More

නීතිඥයෙකු සහ දේශපාලනඥයෙකු වන ජෝර්ජ් මේරා හිටපු ජනාධිපති සැල්වදෝර් ජෝර්ජ් බ්ලැන්කෝගේ (1982-86) පුත්‍රයා වූ අතර, 2020 මැද සිට පරිසර අමාත්‍ය ධුරයට පත්විය.

Read More
2022-06-07
7 06 2022 07:40:00
0 217

Read More

ලෝක බුද්ධිමය දේපල සංවිධානය (WIPO) විසින් වාර්ෂිකව නිකුත් කරන ගෝලීය නවෝත්පාදන දර්ශකය උපුටා දක්වමින් චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වැන්ග් ෂීගැන්ග් බීජිං හි පැවති මාධ්‍ය හමුවකදී මෙම ප්‍රකාශය කළේය.

Read More

’’මට අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස යන්න බෑ’’ යැයි ජනපතිවරයා සඳහන්ය කර තිබේ. ජනපතිවරයාට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතා ආරම්භ වීමෙන් පසුව ඔහු ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමග සිදුකළ පළමු සම්මුඛ සාකච්ඡාව මෙය වෙයි. “අවුරුදු පහකට මට ජනවරමක් ලැබිලා තියෙනවා. මම නැවත තරග කරන්නේ නැහැ.’’ යැයි ඔහු පවසයි.

Read More

වසර ගණනාවක බටහිර වැරැදි ලෝක ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බව අවධාරණය කළ රුසියානු ජනාධිපතිවරයා, කෙසේ වෙතත් එම අභියෝගද අවස්ථා බව වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිල්ප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයෙක් මෙන්ම තංගල්ල හිටපු නගරාධිපති වන රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ වීරකැටිය පොලිසිය විසින් අද (06) සවස අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත්, කොරියානු අර්ධද්වීපයේ ගැටලුව දේශපාලන සමථයකට පත් කිරීම ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කළ යුතු බව චීනය අවධාරණය කරයි.

Read More

රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුපට සහ ජ්‍යෙෂ්ඨත්වයට බාධාවක් ඇති නොවන ආකාරයට විදේශ ගතවීමේ අවස්ථාව ලබාදීමට අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කිරීම මැදිහත්වෙමින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බවද ඇමැතිවරයා සදහන් කළේය.

Read More

එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් සිය පක්ෂ සගයන්ගේ ආධාරයෙන් අගමැති ධුරය තවදුරටත් ආරක්ෂා කර ගනියි.

Read More

සමගි ජන බලවේගයේ සිට අමාත්‍ය ධුර ලබාගත් හරීන් ප්‍රනාන්දු (15), මනූෂ නානායක්කාර (20) යන මහත්වරුන්ට සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් අමාත්‍ය ධුරයක් ලබා ගත් විජයදාස රාජපක්ෂ (14), සුසිල් ප්‍රේමජයන්ත් (10) යන මහත්වරුන්ට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් පැනවීමට කටයුතු කර ඇත.

Read More

මෝදර ප්‍රදේශයේ දී සිදුකල වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කොල්ලුපිටිය සහ ගාලු මුවදොර පසුගිය මැයි 09 වැනිදා සිදුවීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරවයකු වන තංගල්ල ප්‍රෙද්ශයේ පදංචි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (06දා) කොළඹදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

වෙළෙඳපොළේ ලොකු සැමන් ටින් එකක මිල රුපියල් 600 ද ඉක්මවා ඉහළ යාමෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

Read More

රුසියාවට අයත් Aeroflot ගුවන් යානය සම්බන්ධයෙන් ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම ද, සිවිල් ගුවන්සේවා අධිකාරිය ද අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බවත්, තමා මේ පිළිබඳව ඉතාමත්ම සතුටු වන බවත්, මෙවන් විසඳුමකට පැමිණීමට හැකිවීම රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් මෙන්ම, රුසියා - ශ්‍රී ලංකා දිගුකාලීන මිත්‍රත්වය තහවුරුවීමක් ලෙසත්, වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More

විදේශ රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට අවස්ථාව ලබාදී ඇති බවත්, කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස තමන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට හැකි බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.