saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 5287 hours ago

LATEST

ඩොලර් බිලියන 45ක් රටින් පිටකරලා - වාසු

calendar_today 2022 ජුනි 06 - 16:16 remove_red_eye - 12708  

ජාත්‍යන්තර වශයෙන් ‘ලෝක යහපත් කල්ක්‍රියාව’කියා වාර්තාවක් තිබෙනවා. ඒ වාර්තාව අනුව 2008 ඉඳන් 2018 යන කාලය තුළ පමණක් ලංකාවේ තිබුණු මුදල් ඩොලර් බිලියන 45 ක් අයථා ලෙස ලංකාවෙන් පිට වෙලා තිබෙන බව වාර්තා වී තිබෙනවා යැයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මෙරට බුද්ධිමත් තරුණ පරම්පරාව රට හැර යන තත්ත්වයට පත්ව ඇති බවත් බුද්ධි ගලන ඛේදවාචකයට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (6දා) කොළඹදී සඳහන් කළේය.

Read More

ළඹ වානිජ මහාධිකරණය , සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වෙත නිකුත් කර ඇති නියෝගය පරිදි 06/06 දින සවස 06.00 ට පෙර මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ සේවා ප්‍රධානී , ප්‍රධාන ගුවන් ගමන් පාලක නිශාන් චන්දිම අබේවර්ධන මහතා අවශ්‍ය පියවර ගෙන තිබේ .

Read More

නිසි කලට විදුලි බලාගාර ඉදිනොකිරීම විදුලි අර්බුදයක් ඇතිවීමට හේතුව බවත් ඔහු සඳහන් කළේය. විදුලි අර්බුදය පැමිණීමට තිබුණේ 2018 වසරේදී වුවත් පාස්කු ප්‍රහාරය හා කොවිඩ් හේතුවෙන් ඒම තත්ත්වය වැසී ගිය බවද ඔහු පැවැසීය.

Read More

මතභේදයට තුඩු දී දුන් මිතොටමුල්ල ඉඩම් සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දැඩුවම් නියම කරමින් එය වසර පහකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. මිට අමතරව ඔහුට තවත් රුපියල් මිලියන 25ක දඩයක් නියම කිරීමටද අධිකරණය කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් තැපැල් සේවය තාවකාලිකව අත්හිටුවූ බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානයකට කටුනායකින් පිටත්වීම අත්හිටුවමින් කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය අත්හිටුවීමට එම අධිකරණය තීරණය කර තිබේ.

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගෙන යනු ලබන කර්මාන්ත වැඩි දියුණු කිරීම සදහා සිරකරුවන්ගේ ශ්‍රමය ඵලදායී ලෙස යොදා ගැනීම සම්බන්ධව සකස් කළ යෝජනාවලිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම අද (06දා) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු කෙරිණි

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොම්පඤ්ඤ වීදිය පෙරහර මාවතේ දී පහර දීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයකු කොම්පඤ්ඤ වීදියේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

බොහෝ පිරිස් අදහස් දෙන්න ඉන්නවා .ගෝනි ගණන් අදහස් දෙයි.හැබැයි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ප්‍රතිඵල පෙන්නන්නෙ බොහොම ටික දෙනායි .අපේ රටට දැන් අවශ්‍ය අදහස් යෝජනා නෙමෙයි ඒව ක්‍රියාත්මක කර ප්‍රතිඵල පෙන්වන පිරිසයි.මං හැම දෙනාගෙන්ම ඉල්ලනවා අපි දැන් ක්‍රියාත්මක වෙමු ප්‍රතිඵල පෙන්වමු යි අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියෙ ප්‍ර වේශ පත්‍ර අලෙවියෙන් ලබන ආදායම ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

ග්ලෝබල් පෝට් පර්ෆෝමන්ස් ඉන්ඩෙක්ස් (CPPI) ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ කොළඹ වරාය 2021 වර්ෂයේ දෙවන සංස්කරණයට අනුව ලෝකයේ වරාය 370ක් අතරින් 22 වන ස්ථානයටත්, ඉන්දියානු සාගර කලාපයේ 03 වන ස්ථානයටත්, ඉන්දියානු අර්ධද්වීපයේ හා දකුණු ආසියානු කලාපයේ කාර්යක්‍ෂම වරාය ලෙසටත් කොළඹ වරාය ශ්‍රේණිගත කොට ඇත.

Read More

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (06දා) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

Read More

“ චීන ණය තිබෙනවා. නමුත් ගැටලුව නම් චීනයෙන් ලබාගත් ණය අපි ආර්තික වශයෙන් වැදගත් වූ ව්‍යාපෘති වෙනුවෙන් යෙදෙව්වාද යන්නයි. මේ ව්‍යාපෘති තීරණය කරන්නේ ශ්‍රී ලංකා රජයයි. හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොළ ව්‍යාපෘති ඉදිරියට ගෙන ගියේ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවට මුදල් අවශ්‍ය වූ විට චීනය ඇවිත් දුන්නා.”

Read More

ඉන්ධන අර්බුදය හමුවේ මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ මුහුදු යන ධිවරයින් රැගෙන එන සාලයා,සුඩයා මාළු කිලෝව රුපියල් 700 ක මුදලකට වෙරලේ අලෙවි කරන අයුරු දැක ගත හැකිවිය.

Read More

විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 29 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 03 දෙනෙකු සහ නාවිකයින් 19 දෙනෙකු හට ලාංඡන පැළඳවීම නාවික හමුදාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05දා) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.

Read More

ෆ්ලෙමින්ගෝ නොහොත් සියක්කාරයා නමින් හැඳින්වෙන සංචාරක කුරුලු විශේෂය මේ දිනවල උතුරු මුහුදු තීරයේ පිහිටි කලපු ආශ්‍රිතයන්හි විශාල වශයෙන් දැකගත හැකි වුවද මෙවර එම කුරුල්ලන් නැරඹීමට සංචාරකයින් දැකගත නොහැකි තරම්ය.

Read More

චීනය විසින් නිර්මාණය කරන ලද නවතම අර්ධ වශයෙන් ගිල්විය හැකි නෞකාවක් වන ෂින් යාඕ හුවා නෞකාවෙන් ප්‍රවාහන බාර්ජ් තුනක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.

Read More

හාලිඇල ඇටම්පිටියේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව ඉන්ධන හිගයට විසදුමක් ලෙස මේ දිනවලදි තවලම් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොමුවී සිටිති.

Read More

හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පළ පිටුපස ඇළ මාර්ගයක තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් ඊයේ (05දා) සොයාගත් බව හෝමාගම පොලිසිය පවසයි

Read More

මල්වානේ වල්ගම ප්‍රදේශයේ වෙළෙඳ සැලකට භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ එහි කිරිපිටි සොරකම් කළ පුද්ගලයෙකු එහි හිමිකරු විසින් අල්ලා බියගම පොලිසියට භාර දී ඇත.

Read More

බංග්ලාදේශය අතිවිශාල ජනතාවකින් සමන්විත වුවත් ශ්‍රි ලංකාව මේ වන විට මුහුණ දෙන අර්බුදයට පිළියමක් ලෙස අර්තාපලි ලබාදිමට කටයුතු කරන බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය පවසයි.

Read More

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අද (06දා) එළවළු ලැබීම මෙන්ම එළවළු මිලදී ගැනීම සඳහා වෙළෙන්දන් ගේ පැමිණීම සියයට 80කින් පමණ අඩු වීමත් ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ව්යාපාරිකයෝ පෙන්වා දෙති.

Read More

මම මේ අභියෝගය භාර ගත්තේ නැත්නම් අපේ රට මීට වඩා දරුණු තත්ත්වයකට පත් වෙන්න තිබුණා. මම පැමිණ අභියෝගය භාර ගත් නිසා අවම වශයෙන් ආර්ථික පරිහානිය මන්දගාමී කිරීමට හැකි වුණා.මම අර්බුදයේ අගමැති. දේශපාලන අර්බුදයක් සහ ආර්ථික අර්බුදයක් තිබෙනවා. ඇමැතිවරු මට සහාය දෙනවා කිව්වේ ඒ ප්‍රශ්න විසඳන්නයි. ඒ අය ඇවිත් මගේ පක්ෂයට සහාය දෙනවද කියලා මම බලන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, අගමැති ලෙස ඔවුන් මට උදව් කරනවා. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.

Read More

නව පාර්ලිමේන්තු කමිටු ස්ථාපිත කිරීම වෙනුවෙන් එක්ව වැඩ කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනාව හිටපු කථානායක කරු ජයසූරිය මහතාට කළ ආරාධනාව ඔහු විසින් පිළිගෙන තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකයේ සෙසු රටවලින් ආහාර සහ ඖෂධ ඉල්ලීමේ සූදානමක්

Read More

ෂෙන්ෂෝ-14 අභ්‍යවකාශ යානය චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සාර්ථකව සම්බන්ධ වෙමින්, එහි ගමන්ගත් ගගනගාමීන් තිදෙනා මූලික මොඩියුලයට ඇතුළු වී තිබේ.

Read More

රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

බටහිර රටවල් යුක්රේනයට දිගු දුර මිසයිල සැපයීමට පටන් ගන්නේ නම්, රුසියාව හඹා යාමට සැලසුම් කර ඇති ඉලක්ක පූටින් නම් කළේ නැත.

Read More

පහුගිය කාලය බැලුවොත් අයි.එම්.එෆ්. එක ණය දීපු ලෝකයේ රටවල් අරගෙන බැලුවොත් ඒ රටවලට සෞභාග්‍යය උදාවෙලා නෑ. ඒ රටවල් තවත් වහල් භාවයට ගිහිල්ලා තියෙන්නේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.