කොල්ලකෑම් රැසක් සිදු කළ යුද හමුදාවේ හිටපු සෙබලු 03ක් මාට්ටූ
සොරකම් කරන ලද යතුරු පැදි වලින් ගොස් සංවිධානාත්මකව, අපරාධ ක්රියාවල නිරත වූ හිටපු යුද හමුදා සෙබලුන් තිදෙනෙකු, ජීව අත් බෝම්බයක් සහ සොරකම් කරන ලද යතුරුපැදියක්, රන්භාණ්ඩ සමඟ ඊයේ (18 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කහටගස්දිගිලිය, මීමින්නාවල ප්රදේශයේ සහ පොළොන්නරුව, මනම්පිටිය ප්රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු සහ 34 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය කියයි.
මෙම අපරාධ කල්ලියේ නායකයා වන මනම්පිටිය ප්රදේශයේ පදිංචි විසි එක් හැවිරිදි ප්රධාන සැකකරු සතුව තිබී මෙම ජීව අත් බෝම්බය සහ සොරකම් කරන ලද එක් යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි .
සැකකරුවන් විසින් සොරා ගන්නා ලද යතුරු පැදි වලින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල, ගෙවල් බිඳුම්, යතුරු පැදි ඇතුළු සොරකම් රැසක් සිදු කර ඇති බව, ඔවුන්ගෙන් සිදු කළ ප්රශ්න කිරීම්වල දී අනාවරණය වූ බවද පොලීසිය කියයි.
සැකකරුවන් සොරකම් කර තිබියදී සොයා ගන්නා ලද යතුරු පැදි දෙකේ සහ එම රන්මාල දෙකේ වටිනාකම ලක්ෂ පහළොවකට ආසන්න බව ද පොලීසිය පවසයි.
සැකකරුවන් අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

