සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවු දෙනකුගේ ප්‍රධානතම ගෝලයන් දෙදෙනකු පානදුර හා හැඳල ප්‍රදේශයේ සිදුකළ වැටලීම් දෙකක දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 4කට අධික වටිනා හොරයින් මත්කුඩු ග්‍රෑම් 40 කට අධික ප්‍රමාණයක් ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන සැකකරන රුපියල් 65000 ක මුදලක් ද පොලිස් බාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින් සහ විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා විදේශගතව සිටින බාල චන්ද්‍රන් පුශ්පරාජ් නොහොත් "පුකටිකන්නා" ,ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත්" බුම්මා" ,, සල්ලි මල් සිත ගුණරත්න නොහොත් "පානදුර කුඩු සලිදු " හා යොගු යන්න අයවලුන්ගේ ප්‍රධානතම ගෝලයන් දෙදෙනකු බව පොලීසිය සඳහන් කරයි.