රුපියල් ලක්ෂ 60 කට ආසන්න මුදලක් වැය කරමින් කරවල සැකසිම සදහා කන්දකුලිය වෙරළ තිරයට ආසන්නයේ ඉදිකල සෞභාග්‍යා කරවල නිෂ්පාදන ගම්මානය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන විනාශ විමට ඉඩහැර ඇති බව ධීවරයින් පවසති.
2021 වසරේදී කල්පිටිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශය මැදිහත් වී මෙම කරවල නිෂ්පාදන ගම්මානය ආරම්භ කිරීම සිදුව ඇති බව කියයි.
ප්‍රතිලාභින් 20 දෙනෙකු සදහා මෙම කරවල නිෂ්පාදන ගම්මානය තුළ කරවල නිෂ්පාදනය සදහා යොමු විමට අවශ්‍ය පහසුකම් ලබා දී තිබේ.
මෙම කරවල නිෂ්පාදන ගම්මානය සදහා අදාල ප්‍රතිපාදන සමෘද්ධි අමාත්‍යංශය මගින් ලබා දි තිබේ.
2022 පෙබරවාරි මාසයෙ මෙම කරවල නිෂ්පාදන ගම්මානය ආරම්භ කර තිබුනද මේ වන විටත් කිසිදු ලෙසකින් කරවල නිෂ්පාදනයක් සිදු වි නැති බව චෝදනා නැගෙති.
නමුත් මෙම ව්‍යාපෘතිය සැලසුම් කිරීමේදි කිසිදු කරුණක් නිසි ලෙස අධ්‍යනය නොකිරීමේන් මෙම ව්‍යාපෘතිය අද වන විට සුදු අලියකු බවට පත්විමට බලපෑ ප්‍රධාන කරුණ බව වාර්තාවෙයි.
එහි ප්‍රධානම කරුණ වන්නේ මෙම කරවල නිෂ්පාදන ගම්මානය ඉදි කිරීමට පෙර කරවල සදහා අවශ්‍ය මසුන් ලබා ගැනිම සිදුකරන ආකාරය නිසි ලෙස අධ්‍යනය නොකිරිම බව කන්දකුලිය ධීවරයින් පවසයි.
එසේ චෝදනා නැගෙන්නට හේතුවී ඇත්තේ කන්දකුලිය ධීවර ගම්මානයෙන් මුහුදු යන ධීවරයින් රැගෙන එන මත්ස්‍ය අස්වැන්න කරවල සදහා ලබා දීමට ප්‍රමානවත් නොවිම බව ධීවරයින් පවසයි.
ඒ නිසාම කන්දකුලිය කරවල නිෂ්පාදන ගම්මානයට කරවල සැකසිම සදහා මසුන් පිටින් රැගෙන ඒමට සිදුවන බව කියයි.
නමුත් මෙම ව්‍යාපෘතියෙ ඇති කොන්දෙසි වල ඇත්තේ කිසිදු ආකාරයකින් මසුන් පිටින් රැගෙන විත් කරවල සැකසිම නොකල යුතු බවයි.
කරවල නිෂ්පාදන මධ්‍යස්ථානය ඉදිකලද තවමත් මෙම ස්ථානයට යටිතල පහසුකම් රැසක් අහිමි වි ඇති බව කියයි.
ඒ අනුව මෙම ස්ථානයට විදුලිය,ජලය, හා කරවල නිෂ්පාදනය සදහා යොදා ගන්නා දෑ ආරක්ෂා කර ගැනිමට ගබඩා කාමරයක් පවා මේ වන විටත් ලබා දී නැති බව කියයි.
කෙසේ නමුත් මෙම ස්ථානය වැසි යාමට ඉඩ නොදි අදාල ප්‍රතිලාභින්ට නිසි ප්‍රයෝජන ලබා ගත හැකි අයුරින් සැකසිම වගකිව යුතු බලධාරින් විසින් කල යුතු යුතුකම බව සදහන් කල යුතුය.
මේ පිළිබදව අදහස් දැක්වු කන්දකුලිය ධීවරයකු වන ඇලෙක්සෙන්ඩර් ප්‍රනාන්දු මහතා මෙසේ පවසන්නට විය.
“ඇත්තටම පුදුම අපරාධයක් මේ කරලා තියෙන්නේ ලක්ෂ හැට හෑත්තෑවක් වියදම් කරලා කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ.
කන්දකුලිය ධීවයින් අරන් එන මාළු මදි මේ කරවල ගම්මානයට දෙන්න.එහෙම තියෙද්දී තමා මේ සැලසුමක් නැති වැඩක් කරලා තියෙන්නේ.යැයි ඔහු පවසන්නට විය.
කන්දකුලිය ප්‍රජා සංවිධාන රැසක නිලතල උසුලන නොයෙල් ප්‍රනාන්දු මහතා මෙසේ පවසන්නට විය.
“කරවල තියා දැන් මාළුත් හිග කාලයක් විවිධ ප්‍රශ්ණ හමුවේ මේ ව්‍යාපෘතිය අපරාදයක්.අනික මේ ගම්මානයෙ මිට කලින් උම්බලකඩ කරන්න රාජ්‍ය නොවන සංවිධානයකින් පෝරණු සකසා දුන්නා අඩුම තරමින් ඒ සදහාවත් මාළු ගන්න බැරි වුනා ඒ දවස් වල එසේ තියෙන විට තමා මේ ලක්ෂ 70 ක් විතර වියදම් කරලා අනව්‍ය වැඩක් කරලා තිබේන්නේ.ඇත්තටම ව්‍යාපෘතියක් කරද්දි එය ගැලපෙනවාද කියලා සොයා බැලිය යුතුයි ඔහු පවසන්නට විය.
එසේම මේ ව්‍යාපෘතිය භාරව කටයුතු කල නීලීයන් රසිකා මහත්මිය මෙසේ පවසන්නට විය.
“අපි මේ ව්‍යාපෘතිය පැත්තකට දාලා නැහැ.කොරෝනා කාලයක් එක්ක විවිධ ප්‍රශ්ණ ආවා.ඒ මදිවට ඉන්ධන ප්‍රශ්ණය එක්ක ධීවරයින් මුහුදු යාම නතර වුනා.
ඒ නිසාම දැන් මාළු ලැබෙන ප්‍රමානය මදි.කරවල වලට තියා අපිට කන්නනත් දැන් මාළු නැති තත්වයක් අනික මාළු මිල අධික විමත් සමග කරවල කරන්න අමාරු තත්වයක් උදා වුනා.
නමුත් මේ තත්වය පහව ගියාට පස්සේ අපි මේ කරවල සැකසුම් ගම්මාන යලි පන ගන්න කටයුතු කරනවා යැයි පවසන්නට විය.

