ගාල්ල වරායේ ආයෝජන සඳහා සමාගම් තුනක් මේ වන විට ඉදිරිපත්ව සිටින බවත් ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා නුදුරේදීම අනුමැතිය ලබා දෙන බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ගාල්ල වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.
ගාල්ල වරාය සංවර්ධනය කිරීම ජාතික අවශ්‍යතාවක් වන අතර එහි කිසිදු සේවකයකුගේ රැකියා අනතුරකට පත්වන ආකාරයේ සැලසුම් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
