සංගීත සංදර්ශනයක් බලා ආපසු එමින් සිටි එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදිය පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අද (13දා) අලුයම සිදුවූ අනතුරින් මල්ලී (21) මරණයට පත්ව ,අයියා (23) තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බව කොටවෙහෙර පොලීසිය පවසයි .
ණය ලබාගන්න නම් අයි.එම්.එෆ්. බෝඩ් එක අනුමත කරන්න ඕන ණය ගිවිසුම. ඒක කරන්න සෑහෙන වැඩ කොටසක් කරන්න සිදුවෙනවා. ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වෙනස් කරන්න වෙනවා. රජයේ ආදායම වැඩි කරගන්න වෙනවා. වියදම අඩු කරන්න වෙනවා. සහනාධාර ගැන හිතන්න වෙනවා. ඔක්කොටම වැඩියෙන් ණය ප්‍රතිව්‍යුහ ගත කිරිමට යොමුවීම ගැන හිතන්න වෙනවා. ඒක ලේසි නෑ.
Read Moreලිට්‍රෝ සමාගමේ නව සභාපති ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබේ. මුදිත පීරිස් මහතා එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස දීර්ඝ කලක් සේවය කර ඇති පුද්ගලයෙකි. කෙසේ වෙතත් 2019 වසරේදී ඔහු එම ධුරයෙන් ඉවත් කරනු ලැබිය.
Read Moreවැල්ලවාය-තණමල්විල මාර්ගයේ යාලබෝව 01 කණුව අසලදී අද (13දා) උදෑසන පාපැදියක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් පාපැදිකරු මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
Read Moreමන්නාරම සුළං විදුලි බල ව්‍යාපෘතිය ඉන්දියාාවේ අදානි සමාගමට ලබාදෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනපතිවරයාට බලපෑම් කර ඇති බවට සඳහන් කරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා කළ ප්‍රකාශය මේ වන විට ඉන්දීය දේශපාලනය තුළද දැඩි කථා බහට ලක්ව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ විදෙස් ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාව වෙත එවන ප්‍රේෂණ අප්‍රේල් මාසයට සාපෙක්ෂව මැයි මාසයේදී සැලකිය යුතු තත්ත්වයකින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් මෙම වර්ෂයේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබුණ විදෙස් ප්‍රේෂණ 2021 වසරේ මැයි මාසයට සාපෙක්ෂව තවමත් පහළ මට්ටමක පවතී.
Read Moreසර්බියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා සිටියේ, ’’විශාල රාජ්‍යයන්ගේ ගැටුම්වලට සහභාගී වීම සර්බියාවට අවශ්‍ය නොවන අතර රුසියාව සහ එහි නායකත්වය සමග ඇති සමීපත්වය සහ සහයෝගීතාව අඩු කිරීම සර්බියාවට අවශ්‍යතාවක් නැහැ’’ යනුවෙනි.
Read Moreචීනය ශ්‍රි ලංකාවට ලබාදෙන යුවාන් මිලියන 500ක මානුෂීය ආධාර යටතේ ලංකාවට ලබාදෙන සහල් තොගයේ පළමු කොට නැව්ගත කළ බව චීන විදේශ කටයුුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කර
Read Moreතුර්කියේ විරෝධය මධ්‍යයේ නෝර්ඩික් රටවල් දෙක පිළිගැනීමට එක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම තවමත් කාල රාමුවකට පැමිණ නොමැති බව නේටෝ මහලේකම් සංඥා කරයි.
Read Moreසුළං බලාගාර ව්‍යාපෘතියක් ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අසත්‍ය ප්‍රකාශ කළ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව, ජනතාවගේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වූ බවට සඳහන් කරමින් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreයුරෝෆයිටර් ජෙට් යානා සහ එෆ්-35 ප්‍රහාරක යානා මිලදී ගැනීමද මෙම අරමුදලට ඇතුළත් වී ඇති අතර, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් පැවසුවේ විශේෂ අරමුදල ඉතිහාසයේ හැරවුම් ලක්ෂයට නිවැරදි පිළිතුර බවයි.
Read Moreඒඩ්ස් රෝග පරීක්ෂාව සදහා අවශ්යනවන ක්ෂණික පරීක්ෂණ කට්ටල මෙන්ම ELISA පරීක්ෂණ සදහා අවශ්‍ය ප්‍රතික්‍රියක හිඟය හේතුවෙන්, එම රෝග පාලනය සඳහා අත්‍යාවශ්‍ය ඇතැම් වැඩසටහන් සම්පූර්ණයෙන්ම නවතා දැමීමටත්, ඇතැම් වැඩ සටහන් සීමා කිරීමට හා ප්‍රමාද කිරීමටත් සිදුව ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
Read Moreයුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින් යුද ටැංකි නාශක මිසයිල විදිනයකින් සන්නද්ධව සිටින එලිසබෙත් රැජිනගේ ඡායාරූපයක් පළ කර තිබේ.
Read Moreසංචාරක විසා මත ජර්මනියේ සිට මෙරටට පැමිණ ඇති විදේශිකයෙකු විසින් ත්‍රීවීල් රථයක් විදුලිය ආරෝපිත බැටරියක් මගින් ධාවනය කිරිමට හැකි වන අයුරින් නිපදවා ඇත.
Read Moreදේශපාලන පූර්ව කොන්දේසිවලින් තොරව සමාන පදනමක් මත සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම අගමැති සු සෙන්ග්-චැන්ග් පවසයි.
Read Moreපළාත් පාලන ආයතන සඳහා සභිකයන් පත් කිරීමලබන වසරේ මාර්තු මාසයේ සිදුවිය යුතු බවරාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ඒ හේතුවෙන් පළාත් පාලන ඡන්දය පැවැත්විය යුත්තේලබන වසරේ මාර්තු මාසය ආසන්න කාලයේදී බව ඔහු සඳහන්කළේය.
Read Moreලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක් කඩිනමින් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලිට්‍රෝ සමාගමේ වැඩසහන් ප්‍රචාරණ හා මාධ්‍ය කළමනාකරු පියල් කොළඹහෙට්ටිගේ මහතා පැවසීය.
Read Moreවිදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම හේතුවෙන් හෙට (13දා) සහ 15වැනිදා සිට 18වැනිදා දක්වා දින පහේ සියලුම කලාපවලට පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂම විදුලිබල මණ්ඩලය අවසර ලබාදී තිබේ.
Read Moreතමන්ට හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් ශ්‍රෙෂ්ඨ තරගයක් ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් නායක දසුන් ශානකටත් ස්තූතිය ප්‍රකාශ කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමෙරට මත්පැන් නිෂ්පාදකයන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් දූෂිත නිලධාරීන් සමඟ එකතුවී දෛනිකව රජයට අය විය යුතු රුපියල් මිලියන 400 ක පමණ බදු මුදලක් අහිමි කරන බවත් එම මුදල් දේශපාලනඥයින්, සුරාබදු නිලධාරීන්, මත්පැන් නිෂ්පාදකයන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් අතර බෙදී යන බවත් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ධාරීන්ගේ සංගමයේ සම සංවිධායක හා මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු මහතා පවසයි .
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නිවස අසළ විරොධතාවක් සංවිධානය කර තිබේ. සැලකිය යුතු පිරිසක් මෙම විරෝධතාව සඳහා එක්ව සිටියි. කැරළි මර්දන ඒකකයේ පිරිස්ද එම ස්ථානය අසළට පැමිණ තිබේ.
Read Moreපාරිභෝගිකයන් ඉන්ධනහල් තුළ ලියාපදිංචි කර සතිපතා කෝටා ක්‍රමයකට ඉන්ධන ලබාදීම ජුලි මස පළමු සතියේ සිට ක්‍රියාත්මක කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreමැයි 09 වැනිදා සිදුවූ නිවාස ගිනි තැබීම ඇතුළු කළහකාරී සිදුවීම් පිටුපස ඇතැම් ආගමික නායකයන් සිටි බවටත් ඔවුන්ගේ අනුබලය හිමිවූ බවටත් තමන් කළ ප්‍රකාශය කිසිසේත් ඉල්ලා අස් කර නොගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (11) අවධාරණය කළේය.
Read Moreනුවරඑලිය දිස්ත්‍රික්කය තුළ පිහිටි පුද්ගලික ඉඩම් සහ රජයේ ඉඩම් වල වගා කර ඇති කොස් සහ පොලොස් කඩා හැටන් වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සත්ව ගොවිපොලක සතුන්ට ආහාර වශයෙන් ලබාදිමේ වැඩපිලිවෙලක් නතර කිරිමට වහාම පියවර ගන්නා බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලිදී ගැනීම වෙනුවෙන් පළමුව වෙනත් මූලාශ්‍ර සොයා බලන නමුත් මොස්කව් වෙතින් තවත් බොරතෙල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව විවෘත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.ඒ.පී. පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
Read More2022.06.14 දිනට යෙදෙන මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් රැඳවියන් 173 දෙනෙකු අධිකරණ බන්ධනාගාර කටයුතුහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශමත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
Read Moreරුසියානු කාන්තාවකට ලිංගික අතවර කල පුද්ගලයෙකු ඊයේ (11දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලීසිය පවසයි.
Read More2018, 2019 කාලසීමාවට අදාළව රුපියල් මිලියන 3100 ක් වැය කොට මිලදීගත් විදුලි ජනක යන්ත්‍ර 50 ක් මිලදී ගන්නා විටම ක්‍රියාකාරී තත්ත්වයේ නොපැවතීම පිළිබඳව කෝප් කමිටුවේදී අවධානය යොමු විය.
Read Moreචීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදුන් පොලොන්නරුවේ ඉදිකළ වෘක්කවේද විශේෂිත රෝහල ජනතා අයිතියට පවරා ඊයේ (11දා) වසරක් සම්පූර්ණ විය.
Read Moreමන්නාරම සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ බවට තමන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත් ඒ සඳහා කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.
Read More