saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 5609 hours ago

LATEST

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන් සමඟ ප්‍රමුඛ සේවාවක් කිරීමට ජපානය සූදානම්

calendar_today 2022 සැප් 27 - 10:25 remove_red_eye - 213  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා (Yoshimasa Hayashi) අතර අද (27) පෙරවරුවේ ටෝකියෝ නුවරදී සාකච්ඡාවක් පැවැත්විණි.

නොරොච්චොල ගල් අඟුරු බලාගාරයේ තෙවැනි යන්ත්‍රය කාර්මික දෝෂයකට ලක්ව බිඳ වැටී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට සම්බන්ධව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීිසිය පවසයි.

Read More

පාසල් ළමුන් සහ තරුණයන් ඉල්කකර ගනිමින් මත් පෙති නීති විරෝධි ලෙස අළෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටි කොටගල නගරයේ ඖෂධ අළෙවිහලක් (ෆාමසියක්) වටලා එහි අළෙවි කිරීම සඳහා ගබඩා කොට තිබු මත් පෙති 1207 ක් ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

විදේශගත ශ්‍රි ලාංකිකයන් හෝ නේවාසිකයින් විසින් මෙරටට එවනු ලබන ගමන් මළු හෝ භාණ්ඩ ශ්‍රිලංකා රේගුවේ ලියාපදිංචි ආයතන හරහා පමණක් එවීමට උනන්දු වෙන්නැයි රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ගෝඨාභය ජනාධිපතිතුමා කිව්වේ දේශපාලන පක්ෂ බලන්න නැතුව වැඩ කරන්න කියලා. අපි එහෙම කරේ නැතුවට සමහර පක්ෂ නිළධාරි වැඩ කරේ පාක්ෂිකයින්ට පමණයි. පහුගිය කාලේ අපි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ට කිව්වේ අපේ පක්ෂයේ බෆර් එක කියලා නමුත් පහුගිය කාලයේ අපිට ඒ අය අමතක වුණා. අපිට බෆර් එක මතක් වුණේ ඩැයිවර් බැහැලා ගියාට පස්සේ.කොහොම නමුත් අපි අපේ වැරැදි අඩුපාඩු හදාගෙන නැවත වරක් ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ගොඩනගන්න පියවර ගන්නවා”

Read More

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක්වීමට ජපානයට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී හසන් ලූන් මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ කර තිබේ. ජපානයේ ටෝකියෝ අගනුවරදී මෙම සාකච්ඡා ආරම්භ වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක්වීමට ජපානයට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.

Read More

ඉහළ දැමූ ජල ගාස්තුවට අදාළ මාසික බිල්පත් මේ වනවිට ලැබෙමින් පවතින බවත්, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ජල බිල්පත් 200%ත් 250%ත් අතර මුදලකින් ඉහළ ගොස් තිබෙන බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

රුසියාව විසින් උපකල්පිත න්‍යෂ්ටික අවි භාවිතයට ප්‍රතිචාර දැක්වීමේ සැලසුමක් එක්සත් ජනපදයට ඇති බව ඇන්තනි බ්ලින්කන් පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට ගත යුතු පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතායතන සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට එම නියෝජිතායතනවල නිත්‍ය තානාපතිනි සින්ඩි මැකේන් මහත්මිය තීරණය කර තිබේ.

Read More

ආරක්ෂකයින් දෙදෙනෙකු සහ ගුරුවරුන් කිහිප දෙනෙකුද මිය ගිය බව විමර්ශන කමිටුව පවසයි. ප්‍රහාරයෙන් ළමයින් 22 දෙනෙකු ඇතුළු 24දෙනෙකු තුවාල ලබා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Read More

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ 2022.09.20 පාර්ලිමේන්තුවේදී අසන ලද දේශීය ආදායම් සම්බන්ධව සහ දුම්වැටි සහ මද්‍යසාර සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අසන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණ වාර්තාවක් කැඳවීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත.

Read More

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියද, ඉදිරි වසරවලදී බ්‍රිතාන්‍යය සිය හමුදා වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇති බව ආරක්ෂක ලේකම් බෙන් වොලස් අනාවරණය කර තිබේ.

Read More

මැයි 9 වැනිදා සහ ඊට ආසන්න දිනවලදී මෙරට සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව පසුගිය 8 වැනිදා ජනාධිපතිවරය‍ාට බාර දුන් බවත් ඒඅනුව ඉදිරියේදී ඒ පිළිබදව කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

බ්‍රෙන්ට් සහ WTI යන දෙකම සිකුරාදා 5%කින් පමණ පහත වැටී ජනවාරියේ සිට අඩුම අගයට පත්විය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ 63 වන ගුණසමරුව අද (26දා) එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහභාගීත්වයෙන් ස්ථාන දෙකකදී පැවැත්විණි.

Read More

පශ්චාත් නිවර්තන ෆියෝනා සුළි කුණාටුව රටේ අත්ලාන්තික් ප්‍රාන්ත හරහා සුළි කුණාටු ප්‍රබල සුළං සමග ඉදිරියට ගමන් කරමින් මන්දගාමී වෙයි.

Read More

මනුෂ්‍යත්වයේ නාමයෙන්, දශක ගණනාවක විගමනික ශ්‍රමිකයන්ගේ අපේක්ෂාව යථාර්ථයක් කරමින්, ‘මනුසවි‘ සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට හැකි වූ බවත්, ඉදිරියේ දී මෙරට සෑම කම්කරුවකු ම සුරක්ෂිත කරන සාමාජ ආරක්ෂණ ජාලයක් නිර්මාණය කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය.

Read More
තව අඩු 10යි
26 09 2022 15:52:00

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවේ පොදු විපක්‍ෂයට අවශ්‍ය වන්නේ, තවත් මන්ත්‍රීවරුන් 10දෙනෙකු පමණක් බවත්, වර්තමානයේ පොදු විපක්‍ෂයට 103ක මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

Read More

රියදුරුට වාහනය පාලනය කරගත නොහැකි වීමත් සමග ලක්නව් ප්‍රාන්ත අගනුවරදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය තහවුරු කරයි.

Read More

ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ පාසල් බස් රථයක් හොරණ ඉළිඹ ප්‍රදේශයේ දී අද (26දා) දහවල් එකිනෙක ගැටීමෙන් 25 කු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

ඖෂධයක් මිලදි ගැනීමට අවශ්‍ය පුද්ගලයකුට එම ඖෂධය තිබෙන ළඟම ඔසුසල, එම ඖෂධයේ මිල හා එය මිලදී ගත හැකි ආකාරය ඇතුළත් තොරතුරු ලබගත හැකි ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබේ.

Read More

නිදන්ගත වකුගඩු රෝගීන් පරීක්ෂා කිරිම වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු විද්‍යාගාරයකින් සමන්විත බස් රථ අටක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය කටයුතු කර තිබේ.

Read More

පින්නවල සත්වෝද්‍යානය රාත්‍රී සෆාරි උද්‍යානයක් ලෙස නම් කිරීමට තීරණය කර ඇති බව වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

Read More

පොලීසියට අවශ්‍ය වුවහොත් එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා සහාය දැක්වීමට ආරක්ෂා හමුදා සූදානමින් සිටින බව ද ආරක්ෂක ලේකම්වරයා පවසයි.

Read More

දින හතක් වයසැති පිරිමි දරුවකු රුපියල් පනස් දහසක මුදලකට පිටස්තර කාන්තාවකට විකුණු පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ ආරම්භ කර ඇති බවත්, එම දරුවා මිලදී ගත් කාන්තාව සහ අතර මැදියා ලෙස කටයුතු කළ පුද්ගලයා ඊයේ (25 දා) අත්අඩංගුවට ගත් බවත් අනුරාධපුර පොලීසිය පවසයි.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කුඩු සලිදුගේ ප්‍රධාන ගෝලයෙකු වන මුතුනායක ගෙදර මහින්ද කුමාර නොහොත් ගලහ කුමාර නොහොත් රැවුල් කුමාර යන අය හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බව කියන පොල්ගස්ඕවිට හල්පිට පාසල් මාවතේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් අද (26දා) වැටලීමට පියවර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය පවසයි .

Read More

ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බොරතෙල්වල ගුණාත්මක බව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධනේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

අධික වේගයෙන් ධාවනය වු බොලෙරෝ කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ත්‍රිරෝද රථයක සහ මොටර් රථයක ගැටිමෙන් සිදු වු අනතුරකින් මොටර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සහ බොලෙරෝ කැබ් රථයේ රියදුරු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඊයේ (25දා) ඇතුලත් කල බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.