යුද හමුදාවට අයත් ගිලන් රථයකින් මුවමස් කිලෝ තුනක් ප්‍රවාහනය කරමින් සිටි රියදුරු ඇතුළු ලාන්ස් කෝප්රල් සෙබළුන් දෙදෙනකු අද දහවල් මාදුරුඔය උද්‍යානයේදී අත්අඩංගුවට ගත් බව මාදුරුඔය වනජීවිී කාර්යාලය සඳහන් කරයි.
සැකකරුවන් මාවනාගම යුධ හමුදා කඳවුරට අයත් ලාන්ස් කෝප්රල් වරුන් දෙදෙනෙකු වන අතර ඔවුන් දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය පොලිසියට භාරදීමට කටයුතු කළ බව මාදුරුඔය උද්‍යාන භාරකරු ඩී,එස්. ජයසෝම රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මාදුරුඔය හෙනන්නේගල සිට මාවනාවෙල යුද හමුදා කදවුර දක්වා මුවමස් ප්‍රවාහනය කර ඇති අතර මීට පෙරද ඔවුන් ගිලන් රථයෙන් මස් ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී බවත්, මේ පිළිබඳ හෙනන්නේගල වනජීවි කාර්යාල තොරතුරු ලැබීමත් සමග ඔවුන් දියත් කළ මෙහෙයුමකින් ගිලන්රථය සහ මුව මස් සමග සැකකාර සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද ජයසෝම රත්නායක මහතා කීවේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම්ට නියමිත බවද මාදුරුඔය උද්‍යාන භාරකරු ජයසෝම රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
හෙනන්නෙගල වනජීවී ි කාර්යාලයේ වන සත්ව නියාමක ඩබ්ලිව්.කේ.සී. එම් රත්නායක, මහේෂ් මදුශංක, රියදුරු කේ. සී. එම් ගු නසේකර ඇතුළු වනජීවී නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකළහ.
මනම්පිටිය නිමල් ජයරතන