saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5277 hours ago

LATEST

IMF නියෝජිතයන් ජූනි 20 ලංකාවට

calendar_today 2022 ජුනි 10 - 15:26 remove_red_eye - 443  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ජූනි මස 20 වැනි දින මෙරටට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව එම පක්ෂය සඳහන් කරයි. ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අතින් ලබා ගත්තේය.

Read More

මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුකොටගෙන මත්ස්‍ය මිළ ඉහලයාම නිසා පාරිභෝගික ජනතාවට සහනයක් සළසාදීම උදෙසා ධීවර සංස්ථාව මගින් මත්ස්‍ය බජට් පැක් එකක් හදුන්වාදෙනු ලැබිණි. පළමු බඡට් පැක් එක අද (10දා) බම්බලපිටිය මත්ස්‍ය අලෙවි සැලේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට ලබාදීම සිදු විය.

Read More

ඝාතනයට ලක්වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ එම ඝාතනයට විරෝධය පළ කරමින් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කළු පටි පැළැඳ පාර්ලිමේන්තු සභා ගර්භයට අද (10දා) පැමිණ සිටීම විශේෂ සිදුවීමකි.

Read More

2022 වර්ෂයේ මේ දක්වා කාලය ඇතුලත ඩෙංගු රෝගීන් 26,622දෙනෙකුහඳුනාගෙන ඇති බවත් පසුගිය දින 08 තුල පමණක් ඩෙංගු රෝගීන් 2416ක් වාර්තා විය.බස්නාහිර පළාත තුල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ (09දා) “අපේ යුතුකම ඉටුකර ඩෙංගු මර්දනය කරමු”මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

Read More

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කට්සුකී කොටාරෝ මහතා සමග කොළඹ පැවති සාකච්ඡාවකදී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලැබී ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය.

Read More

වික්ටෝරියා හා රන්දෙණිගල ජලාශ නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් ඊයේ (09දා) සවස පිටත්ව ගොස් ඇති බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .

Read More

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ඊයේ (09දා) රාත්‍රියේ දුම්රියක මෝටර්රථයක් ගැටීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

Read More

තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජුනි 3 වැනි දින දේශීය වේලාවෙන් උදේ 7.27ට මාර්ගය ඉදිකිරීම ආරම්භ කළ අතර ජුනි 7 වැනි දින සවස 5.00ට කිලෝමීටර 75ක දුරක් ඉදිකිරීම අවසන් කළේය. ඒ අනුව ඔවුන් පැය 105 විනාඩි 33 ක වාර්තාගත කාලයකින් මෙම ඉදිකිරීම සිදුකර ඇත.

Read More

තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ඒ සමග පොදු ප්‍රවාහනය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බවත් ඊට පහසුකම් සැලසීමෙන් ජනතාවට සහනයක් සැලසෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

Read More

චීනයේ ආර්ථිකය කොවිඩ්-19 පැතිරයාමෙන් පසුව මීට පෙර පැවති පුරෝකථනයන්ද අභිභවා යමින් යථා තත්ත්වයට පත්වන ලකුණු පෙන්වන බව එරට රේගු දත්ත පෙන්වා දෙයි.

Read More

හෙට දිනයේදීද ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම නිවේදන කරයි. කෙසේ වෙතත් ගෑස් බෙදා හැරීම හැකි ඉක්මනින් ආරම්භ කිරීමට සමාගම අවධානය යොමුකර තිබේ.

Read More

එක්සත් ජනපදයේ ගිනිඅවි පාලනය සම්බන්ධයෙන් මෑත කාලයේදී වඩාත් කතාබහට ලක්වූයේ දිගින් දිගටම සිදුවන සමූල මනුෂ්‍ය ඝාතන හේතුවෙනි.

Read More

හෙට දිනයේ සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යෙන් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

විද්‍යාඥයන් පවසන්නේ නැවත නැවත නියඟ ඇතිවීම දේශගුණික විපර්යාසයේ සලකුණක් බවයි. අනාගතයේදී ඒවා වඩාත් නිරන්තර, දිගු හා වඩාත් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද පස්වරුවේ ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරය නියෝග කළේය.

Read More

චීන විදේශ අමාත්‍යාංශය එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේ තායිවාන කලාපයට සිය නවතම ආයුධ අලෙවිය අවලංගු කරන ලෙසයි.

Read More

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී අද(09දා) ඉන්ධන බවුසර් රථයකින් හොර රහසේ ඉන්ධන පිටතට ගෙන අලෙවි කිරීමේ ජාවාරමක් පොලීසියට හසු කර දීමට මාර්ගයේ ගමන් කළ පිරිසකට හැකි වී තිබේ.

Read More

ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 84කින් සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 36ක් ලැබුණු අතර 13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

Read More

වර්තමානයේ රටේ පවතින විදුලි අර්බුදය කේන්ද්‍ර කර ගනිමින් තරඟකාරී ක්‍රමවේදයෙන් ඉවත්ව රටට ඩොලර් ගේනවා වෙනුවට තමන්ට ඩොලර් සොයා ගැනීමට විදුලිබල පනත හරහා කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් තන්තිරිමලය පුදබිම 19 වන වරටත් විදුලි බුබුළු දස දහස් ගණනකින් ආලෝකවත් කිරීම මේ මස 13දා සහ පොසොන් පුන් පොහොය යෙදෙන 14දා තන්තිරිමලය රජ මහා විහාරයේ දී මෙම ආලෝක පූජාව සිදු කිරීමට මේ වන විට සියලූ කටයුතු සූදානම් කෙරෙමින් පවතී .

Read More

තර්ජනය කර බිය වද්දා ආණ්ඩු සහ අමාත්‍යවරුන් පාලනය කිරීමට වෘත්තීය සමිති ත්‍රස්තවාදී කණ්ඩායම් වලට හැකියාවක් නොවන බවත්, ඇතැම් පිරිස් ඒ සඳහා බිය වනු ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

ඇතැම් පිරිස් පැත්තකින් සිට සහය ලබා දෙන බවට සඳහන් කළද වගකීම් භාර ගැනීමට කොන්දක් තිබිය යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන වී මෙට්‍රික් ටොන් 43,000ක් සහල් කොට සතොස මගින් බෙදා හැරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නේය.

Read More

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද රාත්‍රී 8.00 ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය අද (09දා) නියෝගයක් නිකුත් කළේය .

Read More

නවීන තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම සේවාවක් සපයමින් ශ්‍රී ලංකා වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ජුනි මස විවෘතව තබන දිනයන් සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

රටේ තත්ත්වය ආණ්ඩුව සිතුව තරම් අයහපත් නොවන අතර මෙම වර්ෂය අවසන් වෙනතෙක් මෙරට අවශ්‍යතාවයට සහල් තිබෙන බවත්, ඒ අනුව සහල් හිඟයක් ඇති වන බවට බිය වීමට අවශ්‍ය නොවන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.