කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ සිඩ්නි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන ශ්රී ලංකා පිතිකරු ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වන නිති වියදම් ක්රිකට් ආයතනයට දරන ලෙස ඉල්ලීම් ලැබී ඇතැයි වාර්තා වෙයි.
මෙසේ ඉල්ලීම් කරන පුද්ගලයින් අතර දේශපාලඥයින්ද සිටින බව වාර්තා වෙයි. මේ අතර ධනුෂ්ක වෙනුවෙන් සිඩ්නි අධිකරණයේ පෙනී සිටින නීතිඥ ආනන්ද් අමරනාත් මහතා ක්රික් ඉන්ෆෝ වෙබ් අඩවියට පවසා තිබුණේ ධනුෂ්කට යන නීති වියදම් ක්රිකට් ආයතනයෙන් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කරමින් තිබෙන බවයි.
කෙසේ වෙතත් එම මුදල් ලබාගෙන්නේ ණයක් ලෙස බවත් පසුව ඒවා අයකර ගැනීමට කටයුතු කළ හැකි බවත් නීතිඥවරයා පවසා තිබේ.