තමන්ට පාසල් කාලයේ තිබුණේ එක් කලිසමක් හා කලිසමක් බවත් එය සතියේම හෝද හෝද ඇන්ද බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
පාසල් ගුරුවන්ගේ ඇඳුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“පාසල් ගුරුවරයා කියන්නේ රජයේ අනෙක් සේවක සේවිකාවන් වඩා වෙනස් චරිතයක්. දරුවෝ අනුකරණය කරන්නේ ආදර්ශයට ගන්නේ ගුරුවරයා හෝ ගුරුවරිය. ඒ් නිසා ගුරුවරුන්ගේ භාහිර පෙනුම රජයේ වෙනත් කාර්යාලයක වැඩ කරන කෙනෙක්ට වඩා සංවේදීව බලපානවා.
හයිටිය කියන රාජ්‍ය බිඳ වැට්ටවීමේ ක්‍රියාමාර්ගවල ඒක් දෙයක් තමයි පාසල් නිල ඇඳුම නැති කිරිම. කැමති ඇඳුමක් ඇඳගෙන එන්න දුන්නා, දරවෝ ඉස්කෝල කට් කරලා ගියාද නැත්ද කියලා හොයා ගන්න කාටවත් බැරි වුණා.
මෙහෙම තමයි රටක විනාශයට මග පාදන්නේ. ඒ් නිසා සමහර ඒන.ජී.ඕ. කාර වෘත්තීය සමිති බත් බැලයෝ ඒ අයගේ හාම්පුතාලගෙන් හම්බවුණ න්‍යාය පත්‍රය අනුව මේ රටේ මුල් වලට ගහනවා. අපි ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් ඉතිහාසගතව ලැබුවේ. ඒ පදනමේ තමයි අපි රැකුණේ.
ලංකාවේ පාසල් දරුවන්ගේ නිල ඇඳුම ගලවන්න කියලා එක පාර කියන්න බෑ. එහෙම කිව්ව ගමන් කන්න වෙන බව දන්නවා. මම කුඩා කාලයේ මට තිබුණේ එක කලිසමයි එක කමිසයයි. මම මුළු සතියම මේක ඇඳගෙන ගියා. හෝද හොද ඇඳගෙන ගියා. අපි එ්ක ප්‍රශ්නයක් කර ගත්තේ නෑ.
අනේ ගුරුවරියන්ට ආර්ථික අහේනියක් තියනවා කියලා ව්‍යාජ අනුකම්පාවක් ඉදිරියට දාලා මේ කරන්න යන වැඩේ කිසි ලෙසකින්වන් කරන්න ඉඩ දිය යුතු නෑ”
