ශ්‍රි ලංකාවේ ණය ප්‍රශ්ණය මෙන්ම මේ වන විට මුහුණ දී තිබෙන විවිධ අභියෝග ජය ගැනීම සඳහා චීනය ශ්‍රී ලංකාවට අඛණ්ඩ හා ස්ථිර සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා පවසයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා හා තානාපතිවරයා අතර පැවැති දීර්ඝ සාකච්ඡාවකදී තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
