ජනපතිගේ ලිපියට පාර්ලිමේන්තුවෙන් පිළිතුරු
දිගුකාලීන ක්රමික වෙනස්කම් ඇති කිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුවේ ප්‍රමාදය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කළ සිහිකැඳවීමට අනුව පාර්ලිමේන්තුවේ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිළි කිරීමක් සිදු කොට තිබේ.
ඒ අනුව 2022 සැප්තැම්බර් 20 දින අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව අනුව කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 34 දෙනෙකුගෙන් යුත් ජාතික සභාව පත්කොට ඇති අතර ඒ යටතේ අනු කමිටු දෙකක් පත් කර ඇති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය දැනුම් දෙයි.
කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ප්‍රමුඛතා හඳුනා ගැනිම සඳහා වූ අනු කමිටුව නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයන් දහතුන් දෙනෙකුගෙන් (13) යුක්තව පත් කොට ඇති අතර එහි ප්‍රගතිය ජාතික සභාවට වාර්තා කර ඇත.
ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වූ අනු කමිටුව පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති අතර එහි සාමාජිකයන් සංඛ්‍යාව 12කි. මෙම අනු කමිටුවේ ප්‍රගතිය ද ජාතික සභාවට වාර්තා කොට තිබේ.
ආංශික අධීක්ෂණ කාරක සභා පත්කිරීමට අදාළ ස්ථාවර නියෝග අනුමත කිරිම පාර්ලිමේන්තුව විසින් 2022-10-05 දින සිදුකොට තිබෙන අතර එහිදී ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් පත්කිරිමට අනුමැතිය ලබා දී ඇත. තවද ස්ථාවර නියෝග 111යටතේ කාරක සභා 17ක පත්කිරීම් සිදු කිරිමට පාර්ලිමේන්තුවේ මහලේකම් විසින් අංක CO/9/3/COS/1 සහ 2022-10-26 දිනැති ලිපිය මගින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 05ක් සහ විපක්ෂ මන්ත්‍රීවරු 03 බැගින් නාම යෝජනා කැඳවීම සිදු කොට තිබේ. නමුත් මේ වන තෙක් සාමාජිකයන් පත්කොට නැත.
ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ප්රතිසන්ධාන සහ ජාතික සමඟිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, භාණ්ඩ හා සේවා අපනයනය ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව,විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, මාධ්‍ය, තාරුණ්‍යය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව නමින් ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් පත්කොට තිබේ.
ස්ථාවර නියෝග 119,120 සහ 121 යටතේ වන කාරක සභා මේ වන විට පත්කොට තිබේ. එහිදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කබීර් හෂීම් මහතා, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තේරි පත්වී ඇත.
ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව යන ස්ථාවර කාරක සභාව ඇති කිරිමට අදාළ ප්‍රතිපත්තිමය එකඟතාවය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ලබා දී ඇති අතර ඊට අදාළ ස්ථාවර නියෝග පිළිබඳ සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරිමට පක්ෂ නායකයන් විසින් එකඟ වී තිබේ. ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ අනුමැතියෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු වේ. නමුත් මේ දක්වා පත් කොට නොමැත.
ජනාධිපතිතුමා විසින් මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව 2022-10-28 දිනැතිව ඉදිරිපත් කොට තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමේ කෙටුම්පත සකසා අවසන් කිරිමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදිමටත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට අවශ්‍ය නිතිපතිවරයාගේ සහතිකය ලබාගැනීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
popular news
-
Demuni Uduwara Tuesday, 08 November 2022 12:59 AM
President Ranil ask former PM Ranil in regard to this matter !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
