saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5253 hours ago

LATEST

සහල් ඇතිවෙන්න තියෙනවා - කෘෂිකර්ම ඇමති

calendar_today 2022 ජුනි 13 - 16:54 remove_red_eye - 364  

මාතර , වැලිගම ප්‍රාදේශිය සභාව මගින් ක්‍රියාත්මක “කෘෂි නවෝදය” වැඩසටහන යටතේ බීජ සහ පොහොර නොමිලේ බෙදා දෙන වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) වැලිගම ප්‍රාදේශිය සභාවේදී පැවැත්වුණි.

පාරිභෝගික අධිකාරියේ මාතර කාර්යාලයේ නිලධාරීන් විසින් මාතර දිස්තික්කයේ සහල් වැඩි මිලට විකුණන බවට පාරිභෝගිකයන් විසින් කරන ලද පැමිණිලිවලට අනුව කඹුරුපිටිය නගරයේ සිදුකළ වැටලීමකදී වෙළඳ සැලක් තුළ සඟවා තිබූ සහල් කිලෝ 6000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට පාරිභෝගික සේවා කාර්යාලයේ නිලධාරීන්ට හැකි විය .

Read More

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වී ඇති බවත් එම සංශෝධනය ගෙන එන්නේ ජනපතිගේ වාසියට මිස අවාසියට නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ අහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ අරමුණින් වෙළෙඳ,වාණිජ හා අහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ බංගලාදේශ මහකොමසාරිස් තරික් අරිෆුල් ඉස්ලාම් මහතා අතර සාකච්ඡාවක් අද (13දා) එම අමාත්‍යංශයේදී පැවැත්විණි.

Read More

කොළඹ සිට මහනුවර දක්වා නව සීඝ්‍රගාමී සුඛෝපභෝගි දුම්රිය සේවයක් වග දුම්රිය ස්ථානයේ සිට කාර්යාල දුම්රියක් ධාවනයට සති අන්තයේදී ගල්කිස්සේ සිට යාපනය දක්වා නව සති අන්ත සීඝ්‍රග්‍රාමී දුම්රියක් කොළඹ කොටුවේ සිටි අනුරාධපුර දක්වා නව සීඝ්‍රගාමී දුම්රිය සේවයක්

Read More

බවුසර් රථවලට ලැබෙන ඉන්ධන ඇනවුම් ප්‍රමාණය ඉන්ධන අර්බුදයත් සමග අවම වී ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව නිකුත් කරන මාසික ක්‍රීඩකයාට හිමි සම්මානය මැයි මාසයට අදාළව ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ.

Read More

දියතලාව නගරය හා අවට ප්‍රදේශයට අද (13දා) පස්වරුවේ අයිස් වැස්සක් ඇද හැලුණු බව ප්‍රදේශවාසීහු පවසති.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාෆි සිහාබ්ඩීන් මහතා හිඟ වැටුප් හා දීමනා ලෙස ලැබුණ රුපියල් ලක්ෂ 26කට අධික චෙක්පත නැවතත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මිලදි ගැනීම වෙනුවෙන් පරිත්‍යාග කිරිමට ඔහු තීරණය කර තිබේ.

Read More

රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් පත්කිරීම ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (13දා) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදුකර තිබේ.

Read More

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වෙත යොමුකර තිබේ.

Read More

මොරගොඩ පොලිස් වසමේ ලබුනෝරුව සන්දනම්කුලම වැව අසලදී රථ වාහන දෙකක් නවතා එහි ගමන් කළ පිරිසක් බිමට බස්සවා පහර දී එක් පුද්ගලයෙකුට අයත් ලක්ෂ දොළහකට වැඩි රන් භාණ්ඩ කොල්ලකා යතුරුපැදියකින් පළා ගිය දෙදෙනෙකු ඇතුළු පහරදීමට සම්බන්ධ පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (12දා) විමර්ශනයක් ආරම්භ කළ බව මොරගොඩ පොලීසිය පවසයි.

Read More

ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ වන්දනාවේ පැමිණෙන බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ජාතික පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා අද (13දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැයට කිලෝ මීටර් 196 ක වේගයෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් පැදවූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින ආර්ථික අර්බුදයෙන් ‌ගොඩ ඒ්ම සඳහා චිනයට හා ඇමෙරිකාවට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දෙරට වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින තානාපතිවරු සාකච්ඡා කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව කොන්දේසි සපුරාලීමට නොහැකි වීමේ පදනම මත ශ්‍රී ලංකාව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක හුවමාරු ගිවිසුමකට එළඹීමේ හැකියාව චීන රජය විසින් බැහැර කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

පානදුර , නල්ලුරුව සතොස වෙළෙඳ සැල කඩා සහල් සහ පොල්තෙල් තොගයක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කල බව පින්වත්ත පොලිසිය පවසයි .

Read More

නව පූජා භූමි 03 ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කෙරේ. අම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරය, හුණුපිටිය ගංගාරාම විහාරය, කූරගල රජමහා විහාරය එම පූජා භූමි 03 යි. ඊට අදාල ගැසට් නිවේදනයට නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා අත්සන් තැබුවේය. ජාතික භෞතික සැලසුම් දෙපාර්තුමේන්තුව මගින් මෙම පුජා භූමි 03 ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා තිබේ.

Read More

රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු මත වසර පහක උපරිම කාලයක් රැකියා සඳහා විදේශගත වීමට අවසර ලබාදීමේ යෝජනාවක් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

සංගීත සංදර්ශනයක් බලා ආපසු එමින් සිටි එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදිය පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අද (13දා) අලුයම සිදුවූ අනතුරින් මල්ලී (21) මරණයට පත්ව ,අයියා (23) තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බව කොටවෙහෙර පොලීසිය පවසයි .

Read More

ණය ලබාගන්න නම් අයි.එම්.එෆ්. බෝඩ් එක අනුමත කරන්න ඕන ණය ගිවිසුම. ඒක කරන්න සෑහෙන වැඩ කොටසක් කරන්න සිදුවෙනවා. ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වෙනස් කරන්න වෙනවා. රජයේ ආදායම වැඩි කරගන්න වෙනවා. වියදම අඩු කරන්න වෙනවා. සහනාධාර ගැන හිතන්න වෙනවා. ඔක්කොටම වැඩියෙන් ණය ප්‍රතිව්‍යුහ ගත කිරිමට යොමුවීම ගැන හිතන්න වෙනවා. ඒක ලේසි නෑ.

Read More

ලිට්‍රෝ සමාගමේ නව සභාපති ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබේ. මුදිත පීරිස් මහතා එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස දීර්ඝ කලක් සේවය කර ඇති පුද්ගලයෙකි. කෙසේ වෙතත් 2019 වසරේදී ඔහු එම ධුරයෙන් ඉවත් කරනු ලැබිය.

Read More

වැල්ලවාය-තණමල්විල මාර්ගයේ යාලබෝව 01 කණුව අසලදී අද (13දා) උදෑසන පාපැදියක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් පාපැදිකරු මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.

Read More

මන්නාරම සුළං විදුලි බල ව්‍යාපෘතිය ඉන්දියාාවේ අදානි සමාගමට ලබාදෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනපතිවරයාට බලපෑම් කර ඇති බවට සඳහන් කරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා කළ ප්‍රකාශය මේ වන විට ඉන්දීය දේශපාලනය තුළද දැඩි කථා බහට ලක්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ විදෙස් ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාව වෙත එවන ප්‍රේෂණ අප්‍රේල් මාසයට සාපෙක්ෂව මැයි මාසයේදී සැලකිය යුතු තත්ත්වයකින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් මෙම වර්ෂයේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබුණ විදෙස් ප්‍රේෂණ 2021 වසරේ මැයි මාසයට සාපෙක්ෂව තවමත් පහළ මට්ටමක පවතී.

Read More

සර්බියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා සිටියේ, ’’විශාල රාජ්‍යයන්ගේ ගැටුම්වලට සහභාගී වීම සර්බියාවට අවශ්‍ය නොවන අතර රුසියාව සහ එහි නායකත්වය සමග ඇති සමීපත්වය සහ සහයෝගීතාව අඩු කිරීම සර්බියාවට අවශ්‍යතාවක් නැහැ’’ යනුවෙනි.

Read More

චීනය ශ්‍රි ලංකාවට ලබාදෙන යුවාන් මිලියන 500ක මානුෂීය ආධාර යටතේ ලංකාවට ලබාදෙන සහල් තොගයේ පළමු කොට නැව්ගත කළ බව චීන විදේශ කටයුුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කර

Read More

තුර්කියේ විරෝධය මධ්‍යයේ නෝර්ඩික් රටවල් දෙක පිළිගැනීමට එක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම තවමත් කාල රාමුවකට පැමිණ නොමැති බව නේටෝ මහලේකම් සංඥා කරයි.

Read More

සුළං බලාගාර ව්‍යාපෘතියක් ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අසත්‍ය ප්‍රකාශ කළ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව, ජනතාවගේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වූ බවට සඳහන් කරමින් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

යුරෝෆයිටර් ජෙට් යානා සහ එෆ්-35 ප්‍රහාරක යානා මිලදී ගැනීමද මෙම අරමුදලට ඇතුළත් වී ඇති අතර, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් පැවසුවේ විශේෂ අරමුදල ඉතිහාසයේ හැරවුම් ලක්ෂයට නිවැරදි පිළිතුර බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.