අසනීප තත්ත්වයක් බව පවසා දැරියක ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට අද (11දා) බාර දුන් පුද්ගලයින් දෙදෙනෙකු ක්ෂණයකින් රෝහලෙන් අතුරුදහන්ව ඇති අතර එම දැරිය මිය ගොස් සිටි බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පුද්ගලයින් දෙදෙනෙකු විසින් කාරයකින් රැගෙන එන ලද දැරියක අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසමින් රෝහලට බාරදී ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලය ක්ෂණිකව රෝගියා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට යොමු කර තිබේ.
රෝගියා පරීක්ෂාවට ලක් කළ වෛද්‍යවරයා විසින් ඇය මියගොස් ඇති බව දැනුම් දී ඇති බවත් රෝහල් ප්රකාශිකාවක් ප්‍රකාශ කළාය.
වයස අවුරුදු 15 ක් පමණ වන ඇයගේ මුහුණේ සහ සිරුරේ තැනින්තැන පහරදීමකින් වැනි තැලුම් පහරවල් තිබී ඇති බවත් එම ප්‍රකාශිකාව සදහන් කළාය.
මිය ගිය බව දැනගත් පසුව ඇය රැගෙන එන ලද පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමේදී ඔවුන් එම මෝටර් රථයද රැගෙන රෝහල් භූමියෙන් පිටව ගොස් ඇති බව පෙනී ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් රෝහල් පොලීසියෙන් කළ විමසිමේදී එහි නිලධාරියෙකු සදහන් කර සිටියේ, රෝහල් භූමියෙහි ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කොට අදාල මෝටර් රථය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට පියවර ගනිමින් වැඩි දුර පරීක්ෂණ සිදු කරන බවය.
ගම්පහ තිලකරත්න දිසානායක.