ශ්‍රී ලංකාව ආසන්නයේ ඇති අඩු පීඩන කලපාය හේතවෙන් උතුරු හා උතුරු මැද පළාත්වලත් පුත්තලම හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද අලුයම 2.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය පැය 24ක කාලයක් සඳහා වලංගු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.