එතනෝල් ආනයන බද්ද යළි ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
විෂබීජ නාශක දියර කෝවිඩ් සමයේ විශාල වශයෙන් නිෂ්පාදනය කෙරුණු නිසා මෙම එතනෝල් ආනයන බද්ද 2020 වසරේ අවස්ථා දෙකක දී පහළ දැමූ බවත්, නැවත එය සාමාන්‍ය මට්ටමට ගෙනඒම මෙහිදී සිදුවන බවත් ඇමතිවරයා පැවසීය.
මෙමගින් රුපියල් බිලියන 1.6ක බදු ආදායමක් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.