saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5262 hours ago

LATEST

සුරාසැල්, මස් මාංශ අලෙවි සැල්, සමාජ ශාලා 14 වසයි

calendar_today 2022 ජුනි 11 - 14:30 remove_red_eye - 239  

එළැඹෙන 14දාට යෙදි ඇති පොසොන් පොහොය නිමිත්තෙන් මස් පිණිස සතුන් මරණ ස්ථාන, මස් මාංශ අලෙසි සැල්, සුපිරි වෙළඳසැල් වල මස් මාංශ අලෙවි කිරීම තහනම් කිරීමත්, රේස් බුකී, කැසිනෝ හා සමාජ ශාලා වසා දැමීමටත්,දිවයින පුරා පිහිටි සියලුම සුරා සැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත් කටයුතු කරන ලෙ

දේශීය සුදු හා රතු කැකුළු සහල් වෙනුවෙන් කිලෝවකට රුපියල් 210ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

2022 ජුනි මස 10 වැනිදා සිට එළිමහන් හා ගෘහස්ථ ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හදිසියේ නිකුත් කරන ලද නිවේදනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විමතියට පත්ව ඇති බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මෙමගින් ඉන්ධන ඇති පිරවුම් හල් , ඒවායේ ඇති ඉන්ධන වර්ග සහ ඒ ඒ ඉන්ධන ප්‍රමාණද දැනගත හැකිවේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), විසින් දියත් කෙරෙන මෙම ඉන්ධන කළමනා කරන පද්ධතියෙන් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පිළිබද තොරතුරු වඩාත් පහසුවෙන් කලමාකරණය කිරීමත් එම තොරතුරු මහජනතාවට පහසුවෙන් දන ගැනීමට ඉඩකඩ සලසාදීම අරමුණයි.

Read More

ගම්පොල නගරයේ ඉන්ධන පිරවුම්හලක ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබෙලෙකුට ඉන්ධන ලබාගැනීමට පැමිණි ටිපර් රථයකින් පැමිණි පුද්ගලයෙකු පහරදීමක් සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

Read More

වර්තමාන රජය වෙනස් වන තුරු රට ගොඩගත නොහැකි බවත් විදෙස් රටවල සහය ලබා ගැනීමට නම් නිශ්චිත කාලයකට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහි‍ටුවා ඉක්මනින් ම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නව රජයක් පිහි‍ටුවිය යුතු බවත්වී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ලෝක ආහාර සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් බේස්ලී මහතා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථා කර තිබේ.

Read More

රුසියාවට හානියක් කිරීමට සැලසුම් කර ඇති සම්බාධක ඒ වෙනුවට බටහිර රටවලට සහ ඒවායෙහි විජිතයන් දෙසට බලපෑම් කරන ආකාරය ව්ලැදිමීර් පූටින් පෙන්වා දෙයි.

Read More

ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමකදී චීනය අවධාරණය කළේ, තායිවානයේ ස්වාධීනත්වය කරා ගෙනයෑමට වෙරදරන ඕනෑම පියවරක් තලා දමන බවට එක්සත් ජනපදයට අනතුරු ඇඟවීමක් කරමිනි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කර ඇති බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

’’මෙය සාධාරණ හා යුක්තිසහගත විසඳුමක්’’ ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

Read More

සඳුදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට සමගාමීව රජයේ පාසල්, අනුමත පෞද්ගලික පාසල් මෙන්ම කතෝලික පාසල්ද එදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

හයිටියේ ආයුද සන්නද්ධ කල්ලි සාමාජිකයින් පෝට් ඕ ප්‍රින්ස් අගනුවර සිට බටහිර දෙසට කුඩා බස්රථවල යමින් සිටියදී පුද්ගලයින් 38 දෙනෙකු පැහැරගෙන ගොස් තිබේ.

Read More

පොහොන් පොහොදිනට පෙර දින එනම් එළැඹෙන 13දා රජයේ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනය විසින් එරට හමුදාව ආශ්‍රිතව ප්‍රථම මන්කිපොක්ස් රෝගියා හඳුනාගත් බවට වූ සිද්ධිය තහවුරු කර තිබේ.

Read More

සංචාරකයන් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සංචාරක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව අද (10දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ජූනි මස 20 වැනි දින මෙරටට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව එම පක්ෂය සඳහන් කරයි. ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අතින් ලබා ගත්තේය.

Read More

මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුකොටගෙන මත්ස්‍ය මිළ ඉහලයාම නිසා පාරිභෝගික ජනතාවට සහනයක් සළසාදීම උදෙසා ධීවර සංස්ථාව මගින් මත්ස්‍ය බජට් පැක් එකක් හදුන්වාදෙනු ලැබිණි. පළමු බඡට් පැක් එක අද (10දා) බම්බලපිටිය මත්ස්‍ය අලෙවි සැලේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට ලබාදීම සිදු විය.

Read More

ඝාතනයට ලක්වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ එම ඝාතනයට විරෝධය පළ කරමින් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කළු පටි පැළැඳ පාර්ලිමේන්තු සභා ගර්භයට අද (10දා) පැමිණ සිටීම විශේෂ සිදුවීමකි.

Read More

2022 වර්ෂයේ මේ දක්වා කාලය ඇතුලත ඩෙංගු රෝගීන් 26,622දෙනෙකුහඳුනාගෙන ඇති බවත් පසුගිය දින 08 තුල පමණක් ඩෙංගු රෝගීන් 2416ක් වාර්තා විය.බස්නාහිර පළාත තුල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ (09දා) “අපේ යුතුකම ඉටුකර ඩෙංගු මර්දනය කරමු”මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

Read More

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කට්සුකී කොටාරෝ මහතා සමග කොළඹ පැවති සාකච්ඡාවකදී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලැබී ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය.

Read More

වික්ටෝරියා හා රන්දෙණිගල ජලාශ නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් ඊයේ (09දා) සවස පිටත්ව ගොස් ඇති බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .

Read More

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ඊයේ (09දා) රාත්‍රියේ දුම්රියක මෝටර්රථයක් ගැටීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

Read More

තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජුනි 3 වැනි දින දේශීය වේලාවෙන් උදේ 7.27ට මාර්ගය ඉදිකිරීම ආරම්භ කළ අතර ජුනි 7 වැනි දින සවස 5.00ට කිලෝමීටර 75ක දුරක් ඉදිකිරීම අවසන් කළේය. ඒ අනුව ඔවුන් පැය 105 විනාඩි 33 ක වාර්තාගත කාලයකින් මෙම ඉදිකිරීම සිදුකර ඇත.

Read More

තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ඒ සමග පොදු ප්‍රවාහනය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බවත් ඊට පහසුකම් සැලසීමෙන් ජනතාවට සහනයක් සැලසෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

Read More

චීනයේ ආර්ථිකය කොවිඩ්-19 පැතිරයාමෙන් පසුව මීට පෙර පැවති පුරෝකථනයන්ද අභිභවා යමින් යථා තත්ත්වයට පත්වන ලකුණු පෙන්වන බව එරට රේගු දත්ත පෙන්වා දෙයි.

Read More

හෙට දිනයේදීද ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම නිවේදන කරයි. කෙසේ වෙතත් ගෑස් බෙදා හැරීම හැකි ඉක්මනින් ආරම්භ කිරීමට සමාගම අවධානය යොමුකර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.