හුංගම පාසලක 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු 10ක ශි්යාවයකට අමානුෂිකව පහරදුන් බව කියන එම පාසලේ ගුරුවරයෙක් අද (11දා) අත්අඩංගුවට ගෙන තිබේ.
දැරියගේ මව විසින් හුංගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
මෙම පහරකෑමෙන් දැරියගේ පිට ප්‍ර දේශයේ හා හිසේ පිටුපස තැලීම් ලකුණු නිරීක්ෂණය වී ඇති අතර දැරිය මම භාරයේ ප්‍රතාකර ලැබා ගැනීම සමග තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
එසේම දැරිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනිමට නියමිත බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් අවුරුදු 49ක් වන සැකකාර ගුරුවරයා අද පෙරවරුවේ අඟුණකොලපැස්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 14 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත් කර තිබේ.