උත්තර ලංකා සභාගයේ අනුරාධපුර දිස්ත්‍රික් සසමුළුව අද (11දා) අනුරාධපුර යොවුන් නිකේතනයේදී ආරම්භ වීමට ප්‍රථමයෙන් එහි ප්‍රධාන දොරටුව අසලට පැමිණි පිරිසක් උත්තර සභාගයේ නියෝජිතයන් පිරිසට විරෝධය පළ කර දේව කන්නලව්වක් කරමින් පොල් ගැසූහ.
මෙහිදී රැස්ව සිටි පිරිස කන්නලව් කරමින් එම පිරිස මෙසේ පැවසූහ. "මේ අය මේ හදන්නේ, ඊළඟ අවුරුදු පහට රස්සාව හදා ගන්නයි, අනුරාධපුරයේ ඉපදිච්ච එකෙක් මෙතන ඉන්නවනම් රැස්වීම් භූමියෙන් පලයල්ලා, තොපිට සාප වේවා.
මේ රට කාලා අර ගෝඨාභය ගෙන් ඉල්ලා පොහොර ටික ගොවියන්ට නැති කරල රට විනාශ කරලා ඊට පස්සේ දැන් උත්තර සභාවල් හදා ගෙන. උඹලට අනුරාධපුරයේදී ජාතිය රවට්ටන්න දෙන්නේ නැහැ සාප වේවා"යැයි පැවසූහ.
මෙම සමුළුව සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමි, චන්න ජයසුමන, විමල් වීරවංශ, ගෙවිදු කුමාරතුංග, උද්දික පේමරත්න , උදය ගම්මන්පිල ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මහජනතාව ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වී සිටියහ.
