විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලය පුරා සිදු වූ ප්‍රමාදය නිවැරදි කිරීමට කටයුතු කරගෙන යන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
ප්‍රමාද වී ඇති විශ්‍රාම පාරිතෝෂිකය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව, භාණ්ඩාගාර අනුමැතිය ලබා ගෙන කොටස් දෙකකින් මෙම ගෙවීම් සිදු කරන බවද අගමැතිවරයා පැවසීය.
භාණ්ඩාගාරය මුදල් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් විශ්‍රාමික පාරිතෝෂිකය අපේක්ෂාවෙන් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව ද විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා මෙහිදී පවසා තිබේ.