පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් සහභාගි වන විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.
මෙහිදී පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීමට අදාළ මූලික පනත් කෙටුම්පත පිළිබඳව පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දීර්ඝව සාකච්ඡා කිරීම සිදු විය. එසේම තවදුරටත් මෙම පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කොට නැවත සති දෙකකින් රැස්වීමට තීරණය කෙරුණි.
