බලයට කෑදර විපක්ෂයේ කණ්ඩායම් රට ස්ථාවර වන මොහතේ ඡන්දයක් ඉල්ලිම බංකොලොත් දේශපාලනඥයින්ගේ උප්පරවැට්ටියක් බවත් නියමික කාලයට මැතිවරණ පැවැත්විමට රජය ක්‍රියා කරන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ හුලංගමුවේ පිහිටි ජාතික ශිෂ්‍ය භට බලකායේ 13 වැනි බලඇණීයේ පැවති සහතික පත්‍ර ප්රදානය කිරිමේ උත්සවකයට 11දා එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය රෝහණ දිසානායක මහතා මෙසේද පැවසිය.
වර්තමාන කාලයේදි රට යම් තරමක ආර්ථීක සමාජිය දියුණුවක් ඇති වෙමින් පවතිනවා.එය කඩාකප්පල් කිරිම සදහා ඇතැම් පිරිස් උත්සහ දරමින් සිටින බවත් අපි කියන්න කැමතියි.වත්මන් ජනාධිපතිවරයා රරේ ආර්ථිකය ස්ථාවර කිරිමටත් ජනතාව මේ වන විට පත්ව ඇති පිඩාවන්ගෙන් මුදා ගැනිම සදහා විවිධ පියවර රැසක් සිදු කරමින් තියනවා.
ඉදිරි දින කිහිපයේදි ඉදිරිපත් කිරිමට නියමිත අය වැය තුළින් ජනතාවට සුබසාධනය වැඩි වශයෙන් ඇති අය වැයක් ඉදිරිපත් කිරිමට මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිතුමා කටයුතු කරාවි යන ස්ථාවරයේ අපි සිටිනවා.ඒ සදහා අපගේ උපරිම සහය ලබා දිමට අපි සුදානම්."
මහේෂ් කිර්තිරත්න -මාතලේ
