සමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා පවසයි.
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ හාල් තොගයෙන් පළමු කොටස් ද්විත්වය එළැඹෙන 28 දා හා ජුලි 06 දා කොළඹ වරායට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreහෝමාගම මාකුඹුර ව්‍යාපාරිකයෙකුගේ නිවසේ සඟවා තිබූ රුපියල් ලක්ෂ පහකට අධික ඩීසල් තොගයක් සමග එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreපාපැදි සදහා මේ වන විට ලීසිං සමාගම් විසින් ණය ලබා දිම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
Read More2022 යල කන්නයේ ගොවීන් සඳහා ඉන්ධන නිකූත් කිරිමේ වැඩ සටහන යටතේ දිවයින පුරා ඉන්ධන හල් 247කින් පහසුකම් සැලසීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreබටගොඩ ඉන්ධන පිරවුම්හලේ ඩීසල් ලබා ගැනීම සඳහා ලොරියක සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. දින පහක් ඔහු ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඩීසල් පෝලිමේ රැදී සිට ඇත. මෙසේ මියගොස් ඇත්තේ සංඝරත්න මාවත, අහංගම ප්‍රදේශයේ පදිංචිව සිටී 63 හැවිරිදි වීරප්පුලි සුනිල් නැමැති පුද්ගලයෙකු බව සදහන් වේ.
Read Moreමන්නාරම වලෙයිකුඩා මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකට ඉතා දුර්ලභ ඝනයේ මත්ස්‍ය විශේෂයක් වූ සන් ෆිෂ් නැමති මත්ස්‍යයෙකු ඇතුලු සරු මත්ස්‍ය අස්වැන්නක් ඊයේ (22දා) ලැබී ඇතැයි වාර්තා වෙයි.
Read Moreපසුගිය 21 වනදා මෙම ධීවරයින් යාත්‍රාවකින් මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර ඊයේ (22) දිනය වන විට නැවත වෙරළට පැමිණිය යුතු වුවද මේ දක්වා නොපැමිණීම හේතුවෙන් ඥාතීන් විසින් මේ පිළිබඳව පේදුරුතුඩුව පොලීසියට සහ නාවික හමුදාවට දැනුම් දී ඇත. පොලීසියට දැනුම් දී ඇති ඥාතීන් පවසා ඇත්තේ අතුරුදහන්ව ඇති ධීවරයින් සොයා යෑම සඳහා සෙසු ධීවරයින්ගේ යාත්‍රාවලට ඉන්ධන නොමැති බැවින් නාවික හමුදාවේ සහයෙන් ධීවරයින් සොයා දෙන ලෙසටය.
Read Moreඉන්දියාවේ කොන්ඩිච්චේරි හා කාරෙක්කාල් වැනි වරායන් වල සිට කන්කසන්තුරේ වරායට අවශ්‍ය භාණ්ඩ ගෙන ඒම සදහා වු යෝජනාවක් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreසියලුම වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින හත බලශක්ති අමාත්‍යංශය විසින් වෙන්කර දක්වා තිබේ.
Read More’’අපි අවුරුදු ගාණක් තිස්සෙ මේ ව්‍යාපාර වලින් ලාභ ගත්තා. මම ඒ නිසයි කියන්නෙ අවම වශයෙන් මේ ඉදිරි ටික කාලයේවත් අපි ලාභයක් නැතුව හරි මිනිස්සුන්ට කන්න හාල් ටික දෙන්න ඕන කියලා. මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නෙ ? මේ කාටවත් ඒක තේරෙන්නෙ නැති එකයි මේ රටේ කරුමෙ.’’
Read Moreශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ඇතුළු ඉන්දීය රජයේ උසස් නිලධාරීන් තිදෙනකු අද (23 දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
Read More’’මම මගේ පපුව ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනෙකුට කිරිදුන්නෙමි. මම ඔවුන්ව පෝෂණය කළෙමි, ඔවුන්ව පහසුවෙන් තැබූයෙමි, ඔවුන් වෙනුවෙන් මාගේ ශරීරයම කැප කළෙමි. (පොලිසීය සමග ඇතිවූ කලබලයේදී) මගේ නිරාවරිත පියයුරු වලින් විනෝද වන්නවුන් සියලු දෙනාම පාහේ ළදරුවන් ලෙස තමන්ගේ මවගේ තනපුඩු වියැලී යනතුරු උරා බොන්නට ඇතැයි මට නිසැකය.
Read Moreටයර් සහ බැටරි නොමැතිව ශ්‍රී ලංගම ඌව ප්රාදේශීකයට අයත් ලංගම ඩිපෝ අටක ශ්‍රී ලංගම බස් රථ 343කධාවනය මුලුමනින්ම අද (23දා)වන විට නතර වී ඇතැයි ලංගම ආරංචි මාර්ග පවසයි .
Read Moreරක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රතිඳු සේනාරත්න, ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ, වසන්ත මුදලිගේ, ළහිරු වීරසේකර ඇතුළු පිරිස අද දිනයේදී අධිකරණයට මෝෂමක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreකොළඹ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක ගැටි යතුරුපැදිකරුවෙකු බරපතල ලෙස තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.
Read Moreඔටෝ ඩීසල් තොග අවශ්‍ය තරම් දිවයින පුරා බෙදා හරින නමුත් සුපිරි ඩීසල් තොග බෙදා හැරීම සීමා සහිතව සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඉදුරුව යාලේගම ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලවි සලක් පවත්වාගෙන යන අයෙකු සිය ගබඩා කාමරයක බලපත්‍ර රහිතව සගවා සිටි ඩිසල් හා පෙට්‍රල් තොගයක් ඊයේ (22දා) රාත්රියේදී අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි .
Read Moreපෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව හෙට දිනයේදී දිවයිනට පැමිණිමට නියමිතව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
Read Moreඊයේ (22දා) නිට්ටඹුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අවුරුදු 32ක් වන මාදෙල්ගමුව පදිංචි පෙදරේරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අමරකීර්ති අතුකෝරාල මහතා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව මේ දක්වා සැකකරුවන් 32ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වෙත තමා යොමුකල Aeroflot ගුවන්යානයේ අර්බුදය පිලිබද ලිපියට ක්ෂණිකව පිළිතුරු එවීම සම්බන්ධව හා ශ්‍රී ලංකාව පිළිබඳව සංවේදීව කරුණු දැක්වීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාට හදවතින්ම ස්තුතිවන්ත වන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
Read Moreබදාදා අලුයම නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ මෙම භූමිකම්පාවෙන් පුද්ගලයන් 1,000කට අධික පිරිසක් මිය ගිය අතර තවත් 1,500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ගණන් බලා තිබේ.
Read Moreඑය G7 ජාතීන්ගෙන් ඉහළම අගය වන අතර, බ්‍රිතාන්‍ය තුළ ආරම්භ වී ඇති දුම්රිය වැඩවර්ජනය මධ්‍යයේ උද්ධමනයේ ඉහළ යෑමද එරටට දැඩි බලපෑමක් එල්ල කර ඇත.
Read Moreවිදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව විදුලි ආරෝපනයෙන් ධාවනය වන ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසුවේය. තීරු බදු සහනයක් නොවන, වාහන ආනයනය සදහා වන බපලත්‍රයක් විදේශගත ශ්‍රමිකයින්ට ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
Read Moreමරණවලින් 4%ක සුළු වැඩිවීමක් වාර්තා කළ එකම කලාපය අග්නිදිග ආසියාව වන අතර, වෙනත් ස්ථානවල සංඛ්‍යා පහත වැටුණි.
Read More’’අපේ රට තුවක්කු නිදහසේ භාවිතය තහනම් කරන තාක් කල්, ඕනෑම තැනක, ඕනෑම වේලාවක වෙඩි තැබීම් සිදුවිය හැකි බවට එය තවත් මතක් කිරීමක්’’ යැයි ප්‍රාන්ත සෙනෙට් සභික ස්කොට් වීනර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
Read Moreඋපයන විට ගෙවන බදු (PAYE), අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (APIT) වගකීම සේවකයන් වෙත මාරු කිරීමට තීරණය කර තිබූ නමුත් ඊට පටහැනිව 2010 සිට 2020 වර්ෂය දක්වා අදාළ සේවකයන්ගේ වැටුපෙන් අඩු නොකර ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය අරමුදලෙන් රුපියල් බිලියන 4.8 ක (PAYE/APIT) බදු ගෙවා තිබූ බව ද මෙහිදී අනාවරණය විය.
Read Moreකටාර් හි පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරඟාවලිය සඳහා ප්‍රවේශපත් මිලියන 1.2කට ආසන්න ප්‍රමාණයක් අලෙවි වී ඇති බව සංවිධායකයන් පළමු වරට විකුණුම් පිළිබඳ සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින් අනාවරණය කළේය.
Read Moreරට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
Read Moreතමාට මොන අමාත්‍යධුරය ලැබුණත් එහි වගකීම් උපරිමව ඉටු කරන බවත් තමන් ණය ගැනීමට වඩා දන්නේ ඩොලර් උත්පාදනය කිරීමට බවත් මන්ත්‍රීවරයා සහන් කළේය.
Read More