කන්තලේ සීනිපුර යාය හතර කලාපයේදි මවගෙන් වෙන්ව සැරිසැරූ අලිපැටවෙකු ඊෙය් (20) වන ජිවි නිලධාරින්ට හමු වි ප්‍රතිකාර සදහා රැගෙන යෑමට සුදානම් වෙද්දි මියගිය බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මවගෙන් වෙන්ව මාස කිහිපයක් තැන තැන සැරිසැරූව මෙම අලි පැටවා සොයා ගැනිමට වනජිවි නිලධාරින් දැඩි වෙහෙසක් ගෙන තිබුණි. මේ අතරේදි මෙම අලි පැටවා සීනිපුර සැරිසරන බවට ලැබුණු තොරතුරක් අනුව සොයාගත් පසු අලිපැටවා ප්‍රතිකාර සදහා රැගෙන ඒමට කටයුතු කරද්දි මෙලෙස මියගොස් තිබේ.
උස අඩි3ක් වන මෙම අලිපැටවා ගැහැණු සතෙකු වන අතර වයස අවුරුද්දක් පමණ විය හැකි බවට වනජිවි නිලධාරින් අනුමාන කරයි. පශ්චාත් මරණ පරික්ෂණය ගිරිතලේ පිහිටි වනජිවි පශු වෛද්‍ය ඒකකයේදී සිදුකිරිමට නියමිතය.
ත්‍රිකුණාමලය චමෝද්‍යා
