දියවැඩියාවෙන් වසරකට ලෝක ජනගහනයෙන් මිලියන 5.1 ක් බවත් ශ්‍රී ලංකාවේ මිලියන 2.1 කට අධීක සංඛ්‍යාවක් දියවැඩියාවෙන් පිඩා විදින බව දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරිම වෙනුවෙන් මහනුවර නගරයේ සංවිධානය කර තිබූ පාගමනකදී හෙළි විය.
අද පෙරවරුවේ මෙම පාගමන පැවැත්වීය. විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් සිංහ සමාජ සමාජිකයින් විශාල පිරිසක් මේ සඳහා සහභාගි වි සිටි අතර එහිදි ජනතාව දැනුවත් කරමින් අත්පත්රීකා බෙදා දීම ඩිජිටල් නාමපුවරු යොදා ගනිමින් ජනතාව දැනුවත් කිරීම සිදු කර අතර බෝගම්මබර ක්‍රීඩා පිටිය අසළින් පා ගමන ආරම්භ කර අතර ශ්‍රී දළදා මාලිගාව අභියසින් පා ගමන අවසන් විය.
මෙහි තේමා පාඨය වුයේ ‘‘ දියවැඩියාවෙන් තොර රටක් සෞඛ්‍ය සම්පන්න දේශයක් ගොඩනගමු ’’ යන්නයි. දිස්ත්‍රික්ක මට්ටමින්ද සිංහ සමාජ හරහා වැඩසටහන් සංවිධානය කර ඇති අතර ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, සායනයන්, පාගමන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ඉදිරි දින වල සිදු කරන බව සිංහ සමාජ 360සී1 වත්මන් නායක සිංහ ගාමිණි කුමාරසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය.
එහිදි ඒ මහතා වැඩිදුරටත් පැවසුයේ දියවැඩියාවෙන් වැලකීම සඳහා සමබර අහාර වේලක් ගැනීම සහ ක්ෂණික ආහාර ගැනීමෙන් වැලකීම නිතීපතා ව්යායාව සිදු කිරිම පැණිරස ආහාරයට ගැනීම අවම කිරීම සහ නිතර පළතුරු අනුභව කිරීම මගින් රෝගය මැඩ පවත්වා ගැනීමට හැකි බවයි.
මෙම රෝගී තත්වය ඇති බොහෝ දෙනෙකුට නිතර මුත්‍රා යාම, හදිසියේ ශරිර බර අඩුවීම, නිතර බඩගිනි දැනීම, අත් පා නිතර හිරි වැටීම, නිතර ඇතිවන තිබහ, අධික මහන්සිය, සුව නොවන තුවාල, පෙනීම අපැහැදිලි වීම යනආදිය මූලික දියවැඩියා ලක්ෂණ වශයෙන් එම දින බෙදා දෙන අත්පත්රීකා වලද රූප සටහන් මගින් ජනතාව දැනුවත් කර තිබුණී. මෙවැනි රෝග ලක්ෂණ ඇති ජනතාව වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන දියවැඩියා රෝගී තත්වය අවම කර ගැනීම පෙරදැරිව මෙම පා ගමන සංවිධානය කර තිබුණි.
මාවනැල්ල සමන් විජය බණ්ඩාර