කාර්යාල දුම්රිය කාල සටහන වෙනස් කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.
ඒ අනුව එය සිදුකරන ආකාරය පිළිබඳව වැඩිදුර සාකච්චාවක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රධනත්වයෙන් දුම්රිය මූලස්ථානයේදී අද පෙරවරුවේන පැවැත්වීමට නියමිතය.
කෙසේ වුව දුරගමන් සේවා දුම්රිය කාල සටහනේ වෙනසක් සිදු නොකරන බව රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
දුම්රිය මාර්ග පද්ධතිය අබලන්වීම හා හේතුවෙන් එහි අවදානම් සහිත ස්ථානවල දුම්රිය ධාවනය වේගය පැයට කිලෝමීටර් 20-30 අතරද අවධානම් රහිි සථානවල වල උපරිම වේගය පැයට කිලෝමිටර 80 දක්වා සීමා කිරීම හේතුවෙන් මෙසේ දුම්රිය කාලසටහන වෙනස් කිරිමට අවධානය යොමුව තිබේ.