සෙස් බදු පැනවීම හේතුවෙන් අභ්‍යාස පොත් හා පාසල් උපකරණ මිල ඉහළයන්නේ යැයි පැවැසෙන ගැටලුව පිළිබඳව හෙට දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයනත් මහතා පැවැසිය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. අභ්‍යාස පොත් සකස් කිරීම වෙනුවෙන් අවශ්‍ය කඩදාසි ලංකාවේ නිෂ්පාදනය නොකරන බවත් ඒ අනුව ඒවා ආනයනය කිරිමට සිදුවන බවත් අමාත්‍යවරයා පැවැසීය.