නාවික හමුදාව බටහිර මුහුදු ප්‍රදේශයේ ඊයේ (23දා) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 35 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බලපිටිය පාතේගම්ගොඩ ,ගිනිගල්ගොඩ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද (24දා) දුම්රියක පාසල් වෑන් රථයක් ගැටී පාසල් වෑන් රථයේ ඉදිරිපස මුලුමනින්ම විනාශවි ගොස් ඇතැයි අහුන්ගල්ල පොලීසිය පවසයි.
Read More’’ඔස්ට්‍රේලියා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආගන්තුක සත්කාරය හා ආදරය විශ්වාස කරන්නත් බෑ. ඔවුන් එද්දී (අද තරගය නැරඹීමට) කහපාට ඇඳගෙන ආවොත් ඒක විශිෂ්ඨ දෙයක්. කොහොම වුණත් මෙම තරගාවලිය පිටිය තුළදී අමාරු සටනක්. ඇත්ත ගත්තොත් අපි මේ තරගාවලියේදී ක්‍රීඩා කළේ නියමිත ආකාරයෙන් නෙමෙයි. ඒ ආදරණීය කණ්ඩායමක්. ඒ වගේම සංචාරය කරන්න සුපිරි ස්ථානයක්’’
Read Moreනව සැපයුම්කරුවෙක් විසින් ශ්‍රී ලංකාවට ලබාගත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව අද දිනයේදී දිවයිනට ළඟා විමට නියමිතව තිබේ.
Read Moreයුක්රේනය ඇෆ්ගනිස්ථානය නොවන බවත්, මෙම මිල අධික ඩ්‍රෝන යානා රුසියානුවන් ඉතා පහසුවෙන් වෙඩිතබා බිම හෙලණු ඇති බවත් යුක්රේනය ඇමෙරිකාවට පවසා තිබේ.
Read Moreවිදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය පරිශ්‍රයේ සිදු කෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන්, අද (24දා) කොන්සියුලර් කටයුතු අංශය විසින් අයදුම්කරුවන් 400 දෙනෙකු සඳහා පමණක් සේවා සපයන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. මේ හේතුවෙන් හටගන්නා අපහසුතා සම්බන්ධයෙන් කොන්සියුලර් කටයුතු අංශය සිය කනගාටුව පළ කරන බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreදකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා, බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යන නායකයන්ගේ සහභාගීත්වයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං සමුළුවේ මුලසුන දැරීය.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හා විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතර හමුවක් පැවැත්වීය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයටද අනුව මේ වනවිට මන්කිපොක්ස් වෛරසය ලොවපුරා රටවල් රැසකින් හඳුනාගෙන ඇති අතර, මෙම සතිය වනවිට එය අග්නිදිග ආසියානු කලාපයටද ඇතුළු වී තිබුණි.
Read Moreරාජ්‍ය අංශයේ සේවකයන්ට පෞද්ගලික අංශයේ රැකියා සඳහා එක්විය හැකිදැයි සෙවීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කමිටුවක් පත්කර තිබේ.
Read Moreලෝක බැංකුවට අනුව, යුක්රේන අර්බුදය ගෝලීය ආහාර, ඉන්ධන සහ පොහොර වෙළෙඳපොළවල් කඩාකප්පල් කිරීම මගින් මෙම බලපෑම් තවදුරටත් උග්‍ර කර ඇත.
Read Moreමේ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළදී ක්ෂණික මිලදී ගැනීම යටතේ වැඩි මිලට ඉන්ධන ලබා ගැනීම, ප්‍රමාද ගාස්තු වශයෙන් නැව්වලට මුදල් ගෙවීම සහ වැඩිපුර නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ගෙවීම නිසා රටට ඩොලර් මිලියන 68කට ආසන්න මුලදක් අහිමි වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
Read Moreයුක්රේනය යුරෝපා සංගමය වෙත ඇතුළු වීම රුසියාවේ උදහසට හේතුවත් වනු ඇති බව කියවුණත්, මෑතකදී රුසියානු නායක ව්ලැදිමීර් පූටින් පවසා තිබුණේ ආර්ථිකමය වශයෙන් වන සන්ධානයකට යුක්රේනය ඇතුළු වීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවය.
Read Moreපොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) වල කටයුතු මාධ්‍ය වෙත නිරාවරණය නොකිරීමට තීරණය කර තිබෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
Read More(UPDATE) වරකාපොළ ඉන්ධන පිරවුම්හළක් තුළදී පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ලුතිනන්වරයා ඇපමත මුදාහැර තිබේ. සැකකාර ලුතිනන්වරයා වරකාපොළ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප නියමකර ඇත.
Read More‘ගෝඨා - රනිල් ගෝ හෝම්’ යන පොදු තේමාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙදර යවන දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්රාහ මහතා ප්‍රමුඛව ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගෙන් සමන්විත දූත පිරිසක් අද (23දා) ශ්‍රී ලංකාවට පැමිණි ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීය.
Read Moreවැඩි මිලට සහල් අලෙවි කරන ලද වෙළෙදුන් 186 ක් සහ මිල ප්‍රදර්ශනය නොකළ සහ සහල් විකිණීම ප්‍රතික්ෂේප කළ වෙළෙදුන් 479 ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
Read Moreනීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගි මෝටර් රථ තුනක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී රේගුව භාරයට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසෞඛ්‍යයට ඉන්ධන ලබා දෙන දිනය සිකුරාදා ලෙස වෙන් කරමින් ඛනිජ තෙල් අමාත්‍යවරයා ගනු ලැබූ පුස් තීරණයත් සමග එක් ලක්ෂ පනස් දහසක් පමණ වන සෞඛ්‍ය සේවකයින් ඉන්ධන පිරවුම්හල් වටා රොක් වූ කළ රෝහල් වල තනිවන රෝගීන්ට අබ සරණයි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
Read Moreදෙරටේ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට කාලය එළැඹ තිබෙන බවත් එමගින් ඇගලුම්, කෘෂිකර්ම, සෞඛ්‍ය හා ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතිය අත්කරගත හැකි බව ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් අරිෆුල් ඉස්ලාම් මහතා පවසයි.
Read Moreඉන්ධන මිල වැඩි කිරීම හෙට සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreහම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබා ගෙන තිබූ විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක මේවන විට නොපෙන්වන බවද මෙහිදී කෝප් කමිටුව හමුවේ වැඩිදුරටත් අනාවරණය විය.
Read MoreLONG READS - ’’මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ’’ අවසන් වාර්තාව, එහි සභාපති සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, 2022.06.22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි පැමිණිල්ලක් කිරීම සඳහා අද (23දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.
Read Moreබේරුවල අයි.ඕ.සී ඉන්ධන හලේ රාජකාරි කටයුතු වලට බාධා වන ලෙස ගාල් කර දමාගොස් තිබූ අයිතිකරුවන් නොහඳුනන යතුරුපැදි දහයක් අද(23දා) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි.
Read Moreගංජා සමග අත්අඩංගුවට ගත් සැමියාට විරුද්ධව මහාධිකරණයේ නඩු නොපවරන ලෙස පවසා අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට පොලිසිය තුළදී රුපියල් ලක්ෂ එකහමාරක අල්ලස් මුදලක් ලබා දුන් කාන්තාවක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.
Read Moreපැය කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය රජයේ ඉහළ පෙලේ නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සාකච්ඡා පැවැත්වීය.
Read Moreසමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා පවසයි.
Read Moreචීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ හාල් තොගයෙන් පළමු කොටස් ද්විත්වය එළැඹෙන 28 දා හා ජුලි 06 දා කොළඹ වරායට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read More